ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථකව නිම කළ බව ආණ්ඩුව පැවැසුවත් විපක්ෂය පවසන්නේ ආණ්ඩුවට සාර්ථකව එය නිමකර ගැනීමට නොහැකි වූ බවයි…?
වෙනත් රටවල්වල නම් මේ කාර්යයේදි මීට වඩා ප්රතිලාභ ලැබිලා තියෙනවා. වෙනත් රටවලට ණය කපා හැරීම් සහන සියයට 25ක් 30ක් ලබා දී තියෙනවා. නමුත් අපි කියන්නේ නැහැ; ආණ්ඩුව ෙමාකුත්ම කළේ නැහැ කියලා. මේ කාර්යයේදී අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියන ප්රශ්නය පැන නැඟෙනවා. ණය ගෙවීමේ සීමාව 2032 වසර දක්වා යා යුතු වුණත් දැන් එය 2028 දක්වා අඩුවෙලා තියෙනවා. ඒ වගේම ණය කපා හැරීම් සම්බන්ධව අපිට ලැබුණු ප්‍රමාණය ගැන කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. මේ තත්ත්වය නිසයි විපක්ෂය රජයට පැවැසුවේ කිසිදු හදිස්සියකින් තොරව අපිට වාසිවන ආකාරයෙන් මෙය ක්‍රියාත්මක කරගත යුතු බව. අපි තවමත් නිෂ්පාදන ආර්ථිකයෙන් ඉදිරියට ගොස් නැහැ. ඒ නිසා ණය කපා හැරීමේදි මීට වඩා වැඩි ප්‍රතිශතයකට ගියා නම් තමයි වඩාත් හොඳ.
විපක්ෂය මේ කටයුත්තේදි කිසිදු සහයක් ලබා නොදී විවේචන පමණක් කිරීම සාධාරණ නැහැ නේද?
සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයෝ පවසන්නේ මේ ලැබුණු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට යාමට තිබූ බවයි. ණය ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතුවා සේම එය කඩිනම් කිරීමද කළ යුතුයි. එය ප්‍රමාද කළ යුතු බව අපි කියන්නේ නැහැ. නමුත් අපේ රට පැත්තට එන වාසි වැඩි කර ගැනීම කළ යුතුයි. ඒත් ඒ පැත්තෙන් අපිට කිසිදු සැහීමකට පත්විය නොහැකියි. ණය කපා හැරීම් සිදු කර ඇත්තේ ඩොලර් බිලියන 8ක් පමණයි. අපි බලාපොරොත්තු වුණේ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.
විපක්ෂය කොතරම් විවේචනය කළත් ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී ජාත්‍යන්තරය ලංකාවට ප්‍රශංසා කළා….?
ජාත්‍යන්තරය කියන්නේ අපිට ණය දුන් කට්ටියනේ. ඒ අය පැසසුම් කරන්නේ, අඩුවෙන් කපා ගත්තට. ණය දුන් අය අපිට වැඩිපුර සහන දෙන්න කැමැති වෙන්නේ නැහැනේ. එයාලා බලන්නේ තමන්ගේ ගණන එකතු කර ගන්න. නමුත් රටේ ජනතාව සතුටුවන ආකාරයට කර ගත්තා නම් තමයි වඩාත් හොඳ.
සෑමදේම විවේචනය කරන විපක්ෂයේ කිසිදු සහයක් මේ කාර්යයේදි ලැබුණේ නැහැ..?
විපක්කෂයට ලබා දිය හැකි සහයෝගය ලබා දුන්නා. මුදල් කමිටුව හරහා හර්ෂ ද සිල්වා මහතා ලබා දිය හැකි උපරීම සහය ලබා දුන්නා. IMF නියෝජිතයින් හමුවුණු වෙලාවෙත් විපක්ෂය කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකරණය අපිට වාසිවන ආකාරයෙන් කරන්න කියලා. විපක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. IMF බලධාරින් ආණ්ඩුව හමුවන සෑම අවස්ථාවකදීම විපක්ෂයත් හමුවුණා. IMF යද්දි පවා අපි කිව්වේ මීට කලින් යන්න ඕන කියලා . අපි විරුද්ධ වුණේ IMF සමඟ ඇති කරගත් ගිවිසුමෙන් අපේ ජන ජීවිතයට කරන බලපෑමටයි. වර්තමාන ජනාධිපතිවරයා ඒමට පෙර සිටම අපි කිව්වේ IMF සහයෝගය ලබා ගත යුතු බවයි.
තමන්ගේ රජයක් බලයට පත් වුණොත් IMF කොන්දේසි පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට විපක්ෂය සූදානම් බව කියනවා. මොනවද මේ කොන්දේසි..?
IMF එක හමුවුණු සෑම අවස්ථාවකම අපි කිව්වේ මේ කොන්දේසි පිළිබඳ අපේ එකඟතාවයක් නැහැ කියලයි. බදු ආදියට අපි එකඟ නැහැ. අලුත් රජයක් බලයට පත් වුවහොත් ඒ රජයට හැකියාවක් තියෙනවා සාකච්ඡා කර අලුත් එකඟතාවයකට එන්න. අලුත් රජයක් පැමිණි පසු මේ එකඟතා පිළිබඳ නැවත සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක්. සමඟි ජන බලවේගය මේ අවස්ථාවේදි ජනතාව පැත්තේ සිටගෙන ජනතාවට පීඩාකාරි එකඟතා පෙන්වා දුන්නා. ලොව එවැනි දේ සිදුවී තියෙනවා. නව රජයක් සමඟ යළි සාකච්ඡා කිරීමට කවුරුත් කැමැතියි. මෙහිදි රැකියා කරන අයගෙන් සියයට 30ක බද්දක් අය කර ගැනීම ගැන අපි නිරන්තරයෙන් සාකච්ඡා කර තියෙනවා. හර්ෂද සිල්වා යෝජනා කළා මේ ආකාරයෙන් සිදු කළොත් ජනතාවට තියෙන පීඩාව අඩුවන බව.
විවිධ දුෂ්කරතා මැද වුවත් යම් යම් සහන ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් පවතිනවා. මෙය මැතිවරණය වෙනුවෙන් සිදු කරන්නක් බවට විපක්ෂය චෝදනා කරනවා…?
ආණ්ඩුව ෙමාකුත්ම කළේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බදු සහන ලබා දී වසරකට රුපියල් බිලියන 600ක් අහිමි කර ගත්තා. පොහොර තහනම් කර කෘෂිකර්මාන්තය කඩා වැට්ටුවා. රටට තෙල් නැවක්වත් ගෙනෙන්ට බැරි ආකාරයෙන් මහ භාණ්ඩාගාරය හිස් කළා. එහෙම තත්ත්වයක් තුළයි වර්තමාන ජනාධිපතිවරයා රට භාර ගෙන යම් තැනකට රට ගෙනාවේ. අපි කියන්නේ නැහැ හැම දේම වැරදියි කියලා. නමුත් රට මෙතැනින් එහාට ගෙන යා යුතුයි. අද තුන් වේලක්වත් කන්න නැති විශාල පිරිසක් ඉන්නවා. මේ තත්ත්වය තුළ හොඳ දේවල් කරලා තියෙනවා. ඒත් සෑහීමකට පත් වෙන්න බැහැ. අපි මෙතැනින් එහාට රට ගෙන යා යුතුයි.
සජබ රජයක් බලයට පත් වුවහොත් මීට වඩා ජනතාවට සහන ලබා දිය හැකිද?
අපි ජනතාව ජීවත් කරවන මට්ටමට රට ගෙන ආ යුතුයි. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. 2019ට සාපේක්ෂව භාණ්ඩ මිල තුන් ගුණයකින් වැඩි වෙලා. නමුත් රටේ ජනතාවගේ ආදායම වැඩිවෙලා නැහැ. රටේ ජනතාවගේ ආදායම් වැඩිවන නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කළ යුතුයි.
මැතිවරණය ළං වෙද්දි ආණ්ඩුවට විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එකතුවන බවට වාර්තා පළ වෙනවා…?
මේ කතාව මාස ගණනාවක් තිස්සේ කියන කතාවක්නේ. තවමත් එහෙම දෙයක් සිදුවෙලා නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ සමගි ජන බලවේගයෙන් කවුරුත් ආණ්ඩුවට යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
රජය විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනතට විපක්ෂයේ සහය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද?
අපි හැම වෙලාවෙම රටේ ජනතාව වෙනුවෙන් කරන හොඳ වැඩවලදි සහය ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 ගෙනෙද්දි අපි ජනතාවගේ පැත්තේ සිට සහය ලබා දුන්නා. ආණ්ඩුව රටේ ජනතාවට හානියක් කරන තීන්දුවලදි කොන්ද කෙලින් තියාගෙන විපක්ෂයක් ලෙස විරුද්ධ වුණා. මේ කරුණු කාරණාවලදීත් විපක්ෂය වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ සිටයි.
ආර්ථික විද්වතුන් පවසන්නේ කවුරු ආණ්ඩු කළත් යා යුතු ගමන මෙය පමණක් බව. ඔබේ ආණ්ඩුවකට මීට වඩා වෙනස් මාර්ගයක් තිබේද?
ආණ්ඩුව කරන යම් යම් කාරණා විනිවිද බවින් තොරව සිදු කරන බවට පැහැදිලි වෙලා තියෙනවා. මේ නිසා මේ කාර්යයන් ඉතාමත් පැහැදිලිව විනිවිද බවකින් අපේ ආණ්ඩුවක් යටතේ සිදු කරනවා.
සජබ මැතිවරණ උණුසුම කොයි ආකාරයෙන්ද?
අපි ඉදිරියෙන් සිටින බව අපි විශ්වාස කරනවා. ජයග්‍රහණය කරන තෙක් සටන ඉදිරියට කරගෙන යනවා.
සජබය සමඟ ජාතික ජන බලවේගය කරට කර සටනක නියැෙළනවා. ඔවුන් අභියෝගයක් ද?
ඒ අයගේ ගැම්ම දැන් නැතිවෙලා ගිහින්. මම හිතන්නේ ජනාධිපතිවරණය ළං වෙනවිට ඔවුන් සිටින තැනින් තවත් පහළට වැටෙයි කියලා. මුලින් තිබූ තත්ත්වය දැන් වෙනස් වෙලා. ඒ නිසා ජාතික ජන බලවේගය අපිට ලොකු අභියෝගයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
සුභාෂිණි ජයරත්න