කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙසින් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 17 වෙනිදා ජනතා අයිතියට පත්කළ අවස්ථාව. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි. මේ සඳහා රුපියල් මිලියන 3599 ක් වැය වී ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී. දොලවත්ත, යදාමිණි ගුණවර්ධන හා හිටපු ඇමතිනි සුනේත්‍රා රණසිංහ ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.