Home » ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී Hidramani Apparel ඇගැයේ

ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී Hidramani Apparel ඇගැයේ

by gayan
July 20, 2024 12:30 am 0 comment

2024 ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී ඇඟලුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය Hidramani Apparel සමාගම විසින් හිමිකර ගන්නා ලදි. මෙම ඉහළම සම්මානය හිමි වූයේ, සමාගමේ මිහිල ආයතනය වෙනුවෙනි. Hidramani ජා ඇල Sithro (සේදුම්) සහ Hidramani සීතාවක (සේදුම්) යන ආයතනයන්ටද, Textile Processing Sector අංශයේ රිදී සහ ලෝකඩ සම්මාන පිළිවෙළින් හිමි විය. තවද, ඇඟලුම් කර්මාන්ත අංශයේ Hidramani කුරුවිට ආයතනය ද කුසලතා සම්මානයක් හිමිකරගනිමින්, මුළු සම්මාන ගණන හතරක් දක්වා ඉහළ නංවන්නට සමත්විය. මේ පිළිබඳ Hidramani සමූහයේ අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා පැවසූයේ, ” මෙවැනි ඇගැයීම් මගින් අප ප්‍රබෝධයට පත් වී, යහපත් අනාගතයක් උදෙසා වන අපගේ දැක්ම හා ක්‍රියාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම තහවුරු කරනු ඇත…”යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division