කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 දී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන දෙකක් ඇතුළු ත්‍රිත්ව ගෞරව හිමි විය.
පරිසරයට කාබන් මුදා හැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘ අඩු කාබන් / දේශගුණයට ඔරොත්තු දෙන නිෂ්පාදන’ සඳහා රන් සම්මානයක් හිමි විය. පුළුල් වපසරියක පාරිභෝගිකයන් ඩිජිටල් බැංකුකරණය වෙත යොමු කිරීමේ සාර්ථකත්වය තුළින් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ පාරිසරික බලපෑම අවම කිරීම වෙනුවෙන් ‘හරිත ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය ‘ සඳහා දෙවන රන් සම්මානය හිමි විය.
දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කිරීම, තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මුලපිරීම්වලට සහාය දැක්වීම සඳහා හරිත මූල්‍යකරණයේ පුරෝගාමී කාර්යභාරය අගයමින් ‘ව්‍යාපාර සංවර්ධනය’ සඳහා වන ලෝකඩ සම්මානය ද දිනා ගත්තේය.