සිළුමිණ ‘ඉසිවර’ පින්වත් පාඨක ඔබ වෙත කිසිම ගුරු මුෂ්ටියක් නොතබා පුරාණ පොතපත ඇසුරින් සහ කොළඹගම රාජමහා විහාර පරපුරේ අතිපූජනීය හංවැල්ලේ සෝභිත නාහිමියන් පරිශීලනය කර වැඩගත් පුරාණ පුස්කොළ පත් ඇසුරින් අප විසින් ඉතා පරිස්සමෙන් යහපත් දේ පමණක් ජනගත කිරීමට උත්සාහ කරන්නෙමු. බොහෝ ඉපැරණි පුස්කොළ සහ වෙනත් පොත්පත්වල ඇත්තේ මිනිසුන් විනාශ කරන සහ ඔවුන්ගේ අයහපතට හේතුවන ගුරුකම් කටයුතුය. කල්ප කෝටි ගණනකින් ලද පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතය එවන් අයහපත් පාපකර්මයන් තුළින් කල්ප ගණනකින් දුගතියට පත් නොකර ගැනීමට සැමවිටම කටයුතු කළ යුතුය.
අප විසින් ඉදිරිපත් කරනු ලබන දෙව් සිත් පහදවා සෙත ශාන්තිය උදාකර ගත හැකි මෙම උතුම් වත් පිළිවෙත් පුද පූජා සහ යන්ත්‍ර මන්ත්‍ර බොහෝ දෙනාගේ යහපත උදෙසාම අප විසින් ඉදිරිපත් කරන්නෙමු.
මේ සමඟ ඔබට ලබාදෙන මෙම මහානුභාව සම්පන්න ධනසාධක ගණපති යන්ත්‍රය අදටත් බොහෝ දෙමළ ව්‍යාපාරිකයින් මහත් ඉහළින් ගරු කරන දියුණුවේ ගිණිපෙත්තටම ළඟා වීමට ඔවුන්ට උපකාර කළ මහානුභාව සම්පන්න යන්ත්‍ර රත්නයකි. හින්දු බැතිමතුන්ගේ මහා දෙවියන් වශයෙන් ඔවුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ගණපති දෙවියන්ගේ බල පිහිටුවා මෙම ඕම් කාරය සහිත යන්ත්‍ර රාජයා නිසි පිළිවෙත් පවත්වා සකසාගතහොත් මුළු මහත් ජනයාටම ඉතාමත් සෞභාග්‍යයක් උදාවෙනු ඇත. පිළිවෙත් ගරුකව ඕනෑම කෙනෙකුට පහසුවෙන් සකසාගත හැකි මෙම යන්ත්‍ර රාජයා නියමිත පුද සිරිත් පවත්වාගෙන තඹ තහඩුවක ඇඳ බඳුනකට විභූති කුඩු හෝ සුදු හඳුන් කුඩු අතුරා ඒ මත මෙම යන්ත්‍රයම පුළුවන් පමණින් ඇඳගන්න. ඇඳගත් යන්ත්‍රය සහිත බඳුන මත තඹ තහඩුවේ ඇඳගත් යන්ත්‍රය තැන්පත් කරගන්න, මල් ආසනයක තබන්න. එම මල් යහනේ පූජාවන් ලෙස එළඟිතෙල් පලතුරුවර්ග 05 ක් සූකිරි උක්දඩු, පොරි, පොල් ගෙඩියක්, මල්, පහනක්, සුවද දුම් ආදිය පූජාකර මෙහි සඳහන් ගණපති ස්ත්‍රෝත්‍රය කියවා ඉන් පසු පහසු ආසනයක වාඩි වී උදේ වරුවේ 108 වාරයක් සහ සවස් වරුවේ 108 වාරයක් ජපකරන්න ජපකීරීමේදී නැෙඟනහිර දිශාවට මුහුණ දී වාඩිවෙන්න. ඉන්පසුව මෙම යන්ත්‍රය ගෞරවයෙන් ගෙන උස් ස්ථානයක තැන්පත් කර දිනපතා යන්ත්‍රයට මල් පහන් ආදී වතාවත් සිදුකරගන්න. ඔබ නොසිතූ පරිදි ව්‍යාපාර කර්මාන්ත දියුණුවේ ගෙදර දොරේ සෞභාග්‍ය ඇතිවන අතර පවුල්වල පුදුම තරම් සැනසීමක් ඇතිවේ. සුව නොවන රෝගාබාධ සුවවී ණයතුරුස්වලින් නිදහස් වීමට ඔබට මග සැලසෙන අතර ජීවිතවල අපමණ රැකවරණය සැලසෙනු නිසැකය.
ස්තෝත්‍ර
ශ්‍රියඃ කාර්යය සිදෙධර්ධියස්ස සුඛයඃ පතිං සජ්ජනානාං ගතිං දෛවතානාම් නියන්තාරමන්තස්සවයං භාසමානං භජෙ විස්තරාජං භවානි තනූජම්
ගණානාමධීශං ගුණානාං සදීශාං කරින්ද්‍රානනං කෘත්ත කන්දර්පමානං චතුබාහුයුක්තං චිදානන්ද ශක්තං භජෙ විඝනරාජං භවානි තනූජම්
ජගත් ප්‍රාණ වීර්යයං ජනත්‍රාණ ශෞර්යයං සුරාභිෂ්ට කාර්යයං සදාක්ෂොභ්‍ය ධෛර්යයං ගුණ ශ්‍රාස්‍යචයං ගණාධීශ වයං භජෙ විස්ත රාජං භවානි තනූජම්
චලදවක්‍රතුණ්ඩං චතුබාහුදණ්ඩං මදඝ්‍රාවිගණ්ඩං මිලච්චන්ද්‍රඛණ්ඩම් කතද්දන්ත කාණ්ඩං මුනීන්ද්‍රාණ ශෞණ්ඩං භජෙ විස්ත රාජං භවානි තනූජම්
නිස්තාන්තරායං පරිධවසස්ත මායං විදානන්දකායං සදාමත් සහයම් අජඝ්‍රානපායං ත්වදංචා දුමෙයං භජෙ විස්ත රාජං භවානි තනූජම්
(මේ ස්තෝත්‍ර පූජා දීමේ දී හත්වරක් කිය යුතුය)
ජීවම් මන්ත්‍රය
අත්ති ගණපති ආදි ගණපති සිදධි ගණපති ශිව ශිව ගණපති කාරණා ගණපති කාරිය ගණපති කාර්යය කරණ ගණපති වා වා සර්ව කාර්යය ෂට් ගුරු ගණපති වා වා ඓයුං ගණපති කිලියුං ගණපති සෞවං ගණපති ශක්ති ගණපති වාලය් ගණපති වශිය ගණපති එන් වසමාන එන් මුන් සෙය් සෙය් වසි වසි වසීකරං වසී ශිව ස්වාහා