ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මැන්දිස් වෙනුවෙන් සංවිධානය කරන ලද අභිනන්දන උලෙළක් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ජූලි 28 ඉරිදා ප.ව. 2.30 පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ උලෙළේ මුලසුන දරනු ලබන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය අගුළුගහ ධම්මින්ද නාහිමිපාණෝ සහ අමරපුර මහා නිකායේ සිරි සද්ධම්ම වංශ නියුක්තික නිකායේ මහා නායක රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු ආචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල මා හිමිපාණෝ විසින් වෙති. මෙහි දෙසුම් පවත්වනු ලබන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සන්ධ්‍යා කහඳගමගේ සහ ප්‍රවීණ ලේඛක ගාමිණී කුමාර විතාන විසිනි.