පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිය ධූරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු නියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 24 වැනිදා බදාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමට එරෙහිව ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළැඹ තිබේ. දින හයකට අධික කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලදී.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු පිරිසක් ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම්කරනු ලැබ තිබේ.