ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර පසුගිය (21) රාත්‍රි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඊයේ (22) පෙරවරුවේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු කතරගම ඇසළ මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් විය.
පෙරහැර චාරිත්‍රානුකූලව දුටුගැමුණු රජ දවසේ පටන් සිදු කල චාරිත්‍රයක් වන දේවාලය වෙත ලැබුණු පුද පඩුරු වලින් කොටස් බුදුන් ට පුජා කිරිම චාරිත්‍රය බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් ඉටු කරමින් පඩුරු කොටසක් කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි වෙත පුජා කළහ.
හින්දු ,බෞද්ධ මුස්ලිම් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් දිය කැපිමේ මංගල්‍ය සදහා එක් වු අතර දිය කැපිමේ මංගල්‍යයන් පසුව මැණික් ගගේ දිය රැගෙන පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් සහ දිවයිනේ සතර අතින් පැමිණි බැතිමතුන් සියගම් බිමි වෙත පිටත්ව ගියහ.