Home » රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය නිම වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය නිම වෙයි

by yasara
July 23, 2024 11:38 am 0 comment

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ  ඇසළ  මංගල්‍යයේ   අවසන් මහා පෙරහැර  පසුගිය   (21)  රාත්‍රි  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඊයේ (22)  පෙරවරුවේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු කතරගම ඇසළ මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් විය.

පෙරහැර චාරිත්‍රානුකූලව දුටුගැමුණු  රජ දවසේ පටන්  සිදු කල චාරිත්‍රයක් වන දේවාලය වෙත  ලැබුණු  පුද පඩුරු වලින්  කොටස්  බුදුන් ට පුජා කිරිම චාරිත්‍රය  බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් ඉටු කරමින්  පඩුරු කොටසක්  කතරගම  කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි  වෙත පුජා කළහ.

හින්දු ,බෞද්ධ මුස්ලිම් බැතිමතුන්  විශාල  සංඛ්‍යාවක්   දිය කැපිමේ මංගල්‍ය  සදහා  එක් වු අතර   දිය කැපිමේ මංගල්‍යයන්  පසුව  මැණික් ගගේ දිය  රැගෙන  පාද වන්දනාවේ පැමිණි බැතිමතුන්  සහ දිවයිනේ සතර අතින්  පැමිණි බැතිමතුන්   සියගම් බිමි වෙත පිටත්ව ගියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division