Home » රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට පත් කළ කමිටුව යෝජනා කැඳවීම අරඹයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට පත් කළ කමිටුව යෝජනා කැඳවීම අරඹයි

by yasara
July 23, 2024 4:23 pm 0 comment

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.

අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතුය.

යෝජනා කරන තනතුර හැර වෙනත් තනතුරු සඳහා ද යෝජනා ගෙන එන්නේ නම් වෙන වෙනම ආකෘති පත්‍ර සම්පූර්ණ කොට ඒ සඳහා වන සාධාරණීකරණ වාර්තා ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගන්නා ඇමුණුම් 01 ආකෘතියට අනුව සම්පූර්ණ කළ යුතු වේ.

අදාළ තොරතුරුවල මෘදු පිටපත් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යම් හෙයකින් දෘඩ පිටපතක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් පමණක් “ලේකම්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ විශේෂඥ කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01” ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදීම කළ හැකිය.

මෙම සියලු යෝජනා විශේෂඥ කමිටුව මඟින් විශ්ලේෂණය කොට ඉල්ලුම්කරු නියෝජනය කරන ආයතනය/ වෘත්තීය සමිති/ සිවිල් සංවිධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් සති දෙකක් තුළදි ඉල්ලුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස් ඇප් (WhatsApp) මඟින් දැනුම් දෙනු ඇත.

මෙම යෝජනා සහ සාධාරණීකරණ වාර්තා පිටුවකට පමණක් සීමා කරන මෙන් විශේෂඥ කමිටුව ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division