Home » මුහුදේ දී රෝගී වූ ධීවරයෙක් ගොඩබිමට රැගෙන එයි

මුහුදේ දී රෝගී වූ ධීවරයෙක් ගොඩබිමට රැගෙන එයි

by yasara
July 24, 2024 11:41 am 0 comment

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද  ( 24) ගොඩබිමට රැගෙනවිත් තිබෙයි

ගොඩබිමට රැගෙන ආ මෙම ධීවරයා  ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින්  කටයුතු  කර තිබෙයි.

නිල්වැල්ල ධීවර වරායෙන් 2024 ජුලි මස 04 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Nethum putha 03” (ලියාපදිංචි අංක IMUL-A- 0843 TLE) බහුදින ධීවර යාත්‍රාවේ  සිටි ධීවරයෙකු මෙලස හදිසියේ මුහුදේ දී රෝගාතුර වී ඇත.

එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව,කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්,  රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා සහය වන ලෙස,  එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MT Lijmiliya’ නැමැති විදේශීය නෞකාව‍‍ දැනුවත් කෙරිණි.

ඒ අනුව, රෝගාතුර වූ ධීවරයා එම නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින අළුයම ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

 

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division