Home » HNB Finance “දිරියෙන් දියුණුවට“ කුරුණෑගල සහ කෑගල්ලේ දී

HNB Finance “දිරියෙන් දියුණුවට“ කුරුණෑගල සහ කෑගල්ලේ දී

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කයන් කේන්ද්‍රගත කරමින් පැවැත්විණි. HNB Finance හි නිපුණතා සංවර්ධන අංශ ප්‍රධානී අනුර උඩවත්ත මහතා විසින් මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව මෙහෙයවයි. මේ පිළිබඳ HNB Finance කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා, “ මේ වැඩසටහනේ පළමු අදියරේ සිට මේ දක්වා ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබාදීමට අපට හැකි වුණා. එමෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා වන කාරක ප්‍රාග්ධනය ලබාදීමේ සිට අඛණ්ඩව එම ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර හෝ එයිනුත් ඔබ්බට ගෙන යෑමට අප උදව් කරනවා…” යි පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division