Home » NDB සහ සුවසැරිය පදනම හික්කඩුව 1990 ගිලන් රථය නවීකරණය කරයි

NDB සහ සුවසැරිය පදනම හික්කඩුව 1990 ගිලන් රථය නවීකරණය කරයි

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

NDB බැංකුව ‘1990 සුවසැරිය පදනම’ සමඟ අත්වැල් බැඳ 1990 පදනමට අයත් ගිලන් රථයක් ප්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීම සඳහා දායක විය. NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා මේ පිළිබඳ අදහස් පළ කළේය.”සමාජ වගකීම් දරන ආයතනයක් ලෙස, මෙම ජාතික කාර්යයට සහාය දැක්වීම සඳහා ‘1990 සුවසැරිය පදනම’ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම NDB බැංකුව ගෞරවයක් කොට සලකනවා. හදිසි අනතුරු සහ වෙනත් හදිසි අවස්ථාවලදී රෝහල් ගතවීමට පෙර ලැබිය යුතු වෛද්‍ය සේවා සඳහා සෑම කෙනකුටම අවස්ථාව හිමිවිය යුතු බව අපි විශ්වාස කරනවා…”සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා අදහස් දක්වමින්, “කාලෝචිත සහ කාර්යක්ෂම සත්කාර සැපයීමේ අපගේ මෙහෙවර දිගටම කරගෙන යාම සඳහා NDB බැංකුවෙන් හිමිවන සහයෝගය අප අගය කළ යුතුයි…” පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division