LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය තිරසර ලෙස දිවයිනේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 35% කල වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින්, පාසල් 3,500 කට සහාය දක්වා කැපී පෙනෙන සන්ධිස්ථානයක් කරා ළඟා වී තිබේ. ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක වද්දී LOLC දිවි සවිය සිසුන් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් සිටින පාසල් වෙත විශේෂ අවධානය යොමු කරනු ලැබීය. මෙම ක්‍රමෝපාය වැඩසටහනේ අරමුණ වන්නේ ඉතා අඩු වරප්‍රසාද සහිත පාසල්වලට පවා අත්‍යාවශ්‍ය අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය සහතික කිරීමයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (පාසල් කටයුතු) නීලමනී මලවිආරච්චි මහත්මිය මෙම වැඩසටහන ඇගැයීමට ලක් කළාය. ” වර්තමාන ආර්ථික අභියෝග හමුවේ මේ LOLC මැදිහත්වීම ප්‍රශංසනීය වන අතර, මවුපියන්ට පිළිසරණක් වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක් සහ මවක් ලෙස, LOLC දරුවන්ට ලබා දෙන සහාය සැබවින්ම අගය කරමි…”
LOLC දිවි සවියෙන් දිවයින පුරා අධ්‍යාපන පරිවර්තනය අඛණ්ඩව
1.5K
previous post