විවාහයකදී බොහෝ දෙනෙකු පොරොන්දම් පරීක්ෂාවක් සිදු නොකරයි. ඒ බොහෝ දෙනා ප්‍රේම සබදතා මත විවාහ ගිවිසගෙන වසර ගණනාවත් ඇසුරු කර අවසන් මොහොතේ පොරොන්දම් පරීක්ෂාව නිශ්ඵල දෙයක් ආකාරයට සිතෙන හෙයිනි. එම නිසා බොහෝවිට යෝජිත විවාහවලදී නම් පොරොන්දම් පරීක්ෂාව සිදු කෙරේ. තමන්ගේ ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රයේ ලග්න භාවයේ හෙවත් 1 වන භාවයේ සිටීම බොහෝ දෙනෙකු සිතන්නේ ඉතා සුබ බවය. සියලු කටයුතු සාර්ථක යැයි සිතයි.
නමුත් කේන්ද්‍රයක සිටින සෑම ග්‍රහයෙකුටම තමන් සිටින ස්ථානයේ සිට 7 වැන්න දැකීමට හැකිය. විවාහයේදී අපි බලන්නේ 7 වෙනි භාවය පිළිබඳවයි. 7 වෙනි භාවය විවාහය කාලත්‍රයා සම්බන්ධයෙන් සලකා බලන ස්ථානය වේ. කෙසේ වුවද ලග්නාධිපතියා තම ලග්නයේ සිටීම නිවසක හිමිකරු තම නිවසේ සිටිනවා වැනි බලවත් වුණද තමන්ගේ විවාහයට සෘජු බලපෑමක් කළ හැකි ස්ථානයකි. ඒ අනුව 1 වැන්න 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෙවත් සප්තම දෘෂ්ටිය හෙළීම ලග්න 12 අනුව විවාහයට ඇතිවෙන බලපෑම සම්බන්ධයෙන් ලග්නයෙන් ලග්නයට විමසා බලමු.
1. මේෂ ලග්නය
කුජ ග්‍රහයා ලග්නාධිපති වේ. මේෂය තුළදී කුජ ලග්නය ස්වක්ෂේත්‍ර බලයෙන් සිටී. මේ තත්ත්වය කේන්ද්‍ර හිමියා බලවත් එඩිතර පුද්ගලයකු බවට පත් කළද ඔහුගේ විවාහයේදී දුර්වලතාවට ඇද වැටෙනු ඇත. මේ නිසා මෙවැනි කේන්ද්‍ර හිමියන් විවාහයට පෙර ග්‍රහ ගැලපීම දෙදෙනාගේම පරීක්ෂාවට ලක්කළ යුතුයි. ඒ කුජ 7 නොසිටියාට කුජ දෝෂය මෙයින් හටගැනෙන හෙයිනි.
එනම් කුජගේ දෘෂ්ටිය 7 වැන්නට වැටීමෙන් ලග්නාධිපතියාගේ නෛසර්ගික බලපෑම 7 වැන්නට යටත් වීමෙන් අසුබ තත්ත්වයක් දෙදෙනා අතර බලපෑම් රණ්ඩු සරුවල්, බැණ වැදීම්, තාඩන පීඩන තත්ත්වයන්ට සහකරුට හෝ සහකාරියට ලග්නාධිපතිගෙන් සිදුවිය හැකිය.
2. වෘෂභ ලග්නය
ස්වක්ෂේත්‍රව වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයාය.
සිකුරු ග්‍රහයා වෘෂභ ලග්නයේ ලග්නාධිපතිව සිටීමෙන් සිකුරුගේ සප්තම දෘෂ්ටිය 7 එල්ල වීමෙන් විවාහයට සුබඵල අත්වනු ඇත. සතුටින්, සහයෝගයෙන් පවුල් ජීවිතය ගෙන යයි. රූමත් සහකරුවන්, සහකාරියන් හිමිවේ. සිතුම් පැතුම් ඉටුවේ.
3.මිථුන ලග්නය
ස්වක්ෂේත්‍රව මිථුන ලග්නයේ ලග්නාධිපති බුධ ග්‍රහයා ලග්න භාවයේ ලැගුම් ගැනීම සහ 7 වැන්න දැකීම විවාහය කෙරෙහි සුබ දායක බලපෑම් ඇති කරනු ඇත. නමුත් පොඩි පොඩි භේදයන්ටද ලක්වන අවස්ථා උදාවේ.
4. කටක ලග්නය
ස්වක්ෂේත්‍රව කටක ලග්නයේ ලග්නාධිපති සදු ග්‍රහයා ලග්නභාවයේ සිටීමෙන් සප්තම දෘෂ්ටියට ලක්වීම හෙවත් 7 වැන්න දැකීම ඉතා වාසනාවන්ත විවාහයක් වීමට හේතු වේ.
මෙම පිහිටීම සඳු ග්‍රහයා 7 වැන්නේ සිටීමට වඩා ප්‍රබල වනු ඇත.
5. සිංහ ලග්නය
ස්වක්ෂේත්‍රව සිංහ ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා රවී තම ලග්නයේ සිටිමින් 7 වැන්නට දෘෂ්ටි හෙළීමද එතරම් සුබ නොවේ. මත ගැටුම් අඹුසැමි භේද ඇති වීම කෙරෙහි බලපායි.
6. කන්‍යා ලග්නය
ලග්නාධිපති බුධ ග්‍රහයා ලග්නයේ ලැඟුම්ගෙන 7 වෙනි සප්තමයට දෘෂ්ටි හෙළීමද මධ්‍යස්ථව විවාහය කෙරෙහි බලපානු ඇත. බුධ ග්‍රහයා කන්‍යාවේදී උච්චම, මූල ත්‍රිකෝණව, ස්වක්ෂේත්‍රව සිටී.
7. තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු ග්‍රහයා නිසා සිකුරුගේ දෘෂ්ටිය 7 වැන්නට යෙදීම වෘෂභ ලග්නයේ මෙන්ම ඉතාම සුබ දායක වේ. සිකුරු තුලාවේදී උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර වේ.
8. වෘශ්චික ලග්නය
ස්වක්ෂේත්‍රව මේෂ ලග්නය වැනිම මෙහිදීද ලග්නාධිපති කුජ ග්‍රහයාගේ 7 වැන්න දැකීම ලග්නාධිපති කුජගේ දෝෂයට ලක්වීමකි. මේ තුළින් විවාහ ජීවිතය ගැටුම්, මතභේද කල කෝලහාල තත්ත්වයට පත්වේ.
9. ධනු ලග්නය
ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු ග්‍රහයා තම ලග්න භාවයේ සිට 7 වැන්නට දෘෂ්ටි හෙළීම ඉතාම සුබ දායක වාසනාවන්ත පිහිටීමකි. සතුට, ප්‍රීතිය, සැප, සම්පත් පිරි රූමත් සහකරුවෙකු සහකාරියක ලැබෙන අගනා විවාහයක් වන්නේය. ධනු ලග්නයට ගුරු ස්වක්ෂේත්‍ර හා මූල ත්‍රිකෝණ වේ.
10. මකර ලග්නය
ස්වක්ෂේත්‍රව ලග්නාධිපති ග්‍රහයා ශනිය. ශනි ග්‍රහයා තම ලග්නභාවයේ සිට 7 වැන්න දැකීම එය විවාහයට අගුන දේ. විවාහය ප්‍රමාද වේ. ගැටලු, මතභේදවලට විවාහය ලක්වේ.
11. කුම්භ ලග්නය
ස්වක්ෂේත්‍රව කුම්භ ලග්නයේද ලග්නාධිපතියා ශනි ග්‍රහයා වන්නේය. ලග්නභාවයේ සිට 7 වැන්න සප්තමය දෘෂ්ටි හෙළීම මකරයේදී මෙන්ම අනිටු ප්‍රතිඵල උදාකරයි. දුක, කරදර, පීඩා, පිරි විවාහයක් වේ. ශනි කුම්භයට මූල ක්‍රිකෝණද වේ.
12. මීන ලග්නය
ගුරු ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියට ලක්වෙන තත්ත්වයකි. එනම් ලග්නාධිපතියා ගුරු මීන ලග්නයේ සිටීම විවාහයට සතුට, සැනසීම, ප්‍රීතිය, සැප අත්කර දේ පවිත්‍ර, රූමත්, සහකරුවෙකු සහකාරියක සමගින් වාසනාවන්තව කාලය ගත කිරීමට හැකි වනු ඇත. මීන ලග්නයට ගුරු ස්වක්ෂේත්‍රවේ.
කෙසේ වුවද ඉහත ලග්නාධිපතියන් තමන්ගේ ලග්නයේ ලැගුම් ගැනීම සමහර ලග්නවලට සුබ වන සේම සමහර ලග්නවලදී අසුබ වේ. මේ නිසා අසුබ බලපෑම් ඇති කරන ග්‍රහ පිහිටීම් හිමි ලග්නයන් ඇති අය විවාහයට පෙර පොරොන්දම් ගලපා විවාහ වීමෙන් එමගින් ඇතිකරන බලපෑම් මඟහරවා ගත හැකිය.
වාස්තු විද්‍යා විශාරද ඩබ්ලිව්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි