– වෙළෙඳසලක භාණ්ඩ තැන්පත් කරද්දී ඊට සුදුසු දිශා සොයා ගන්න
– වෙළෙඳසලේ බ්‍රහ්ම පාදය කිසි විටෙක අවහිර කරන්න එපා
– මුදල් කවුන්ටරය උතුරු දිශාවට ඉතා සුබයි
වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන, කරගෙන යන ඕනෑම අයෙකුගේ බලාපොරොත්තුව තම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්කර ගැනීමයි. එසේ වුවත් විවිධ හේතු මත අනපේක්ෂිත ලෙස එම ව්‍යාපාර බිඳ වැටීමට ලක් වේ. ඒ සඳහා බලපාන භෞතික සහ මානව හේතු ගණනාවක් තිබෙන අතර ව්‍යාපාරික ස්ථානය හා සම්බන්ධ වාස්තු විද්‍යාත්මක කරුණු ද එක් සාධකයක් වේ. එබැවින් වෙළෙඳ ව්‍යාපාරයක දියුණුවට බලපාන වාස්තු විද්‍යාත්මක කරුණු මැනවින් අවබෝධ කරගෙන, ඒ ඇසුරින් ඔබේ වෙළෙඳ ව්‍යාපාරය දියුණු කර ගැනීමට මඟ පෙන්වීමක් කිරීම අද අපේ අරමුණයි.
වෙළඳ සලක බඩු භාණ්ඩ තැන්පත් කිරීමේදී ඒවා සුදුසු දිශාවල තැන්පත් කිරීම ව්‍යාපාරයේ දියුණුවට බලපාන ප්‍රධාන සාධකයකි. ඒ අනුව වෙළෙඳසලේ උතුරු දිශාව ඉතා වැදගත් අතර එම දිශාව කිසිවිටෙක අඳුරුව නොතැබිය යුතුය. උතුරු දිශාව විවෘතව තැබිය යුතු අතර එහි විශාල ද්වාර තැබීම සුදුසුය. මුදල් භාරගැනීම උතුරු දිශාව බලා සිදුකිරීම ද යෝග්‍ය වේ. උතුරු දිශාව ඉතාම පිරිසිදුව තබා ගත යුතුය.
දකුණු දිසාව ගබඩා කාමරයට, සහල්, සීනි, ධාන්‍ය වර්ග ආදී මුළුතැන්ගෙට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තැබීමට, ගොඩනැඟිලි ද්‍රව්‍ය තැබීමට සුදුසුය. නැඟෙනහිර දිශාව වෙළෙඳසලේ ප්‍රධාන පිවිසුමට යෝග්‍ය වේ. මුදල් භාර ගැනීමේ කවුන්ටරය නැෙඟනහිර දිශාවේ තබා එම දිශාව බලා ගනුදෙනු කිරීම සුදුසුය.රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, වියළි ආහාර වර්ග ආදිය එම දිසාවේ තැබිය හැකිය.
සේවකයන්ගේ විවේක කාමරය භෝජන ශාලාව, වැසිකිළි ආදිය සඳහා බස්නාහිර දිසාව යොදාගත හැක.
ඊසාන දිශාව ඉතාම පිරිසිදුව තබා ගත යුතු අතර එම දිශාවේ කිසි විටෙක කුණු කසළ, වැසිකිළි වළවල්, අප ජල වළවල් නොතිබිය යුතුය. එම දිශාව පූජා කටයුතුවලට, සැහැල්ලු භාණ්ඩ, සුවඳ විලවුන්, විසිතුරු භාණ්ඩ, සෙල්ලම් භාණ්ඩ, වටිනා ආභරණ, ආදිය තැබීමට යොදා ගත හැකිය. වියළි ආහාර වර්ග ගබඩා කිරීමට, බරින් වැඩි භාණ්ඩ තැබීමට නිරිත දිසාව සුදුසුය. ව්‍යාපාරය හිමිකරුගේ මේසය නිරිත දිසාවේ තබා නැඟෙනහිර හෝ උතුර බලා ගනුදෙනු කළ යුතුය. එහි ජෙනරේටර්, ශීතකරණ ආදිය නොතැබිය යුතු අතර සීනි, පරිප්පු, හාල්, පිටි තොග ගබඩා කළ හැකිය. නිරිත දිසාවේ වැසිකිළි හෝ වැසිකිළි වළවල්, ජල ළිං, ජල මීටරය, විදුලි මීටරය ආදිය සවි නොකළ යුතුය.
ගිනිකොන දිශාව ජෙනරේටර්, ශීතකරණ, විදුලි භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ආදිය තැබීමටත්, විලාසිතා භාණ්ඩ, කරවල වර්ග, මස්,මාළු ආදිය තැබීමටත් සුදුසුය. වයඹ දිශාව ගනුදෙනුකරුවන් රැඳී සිටින ස්ථානයටත් , භාණ්ඩ ප්‍රදර්ශනයටත් යොදා ගත හැක.
වෙළෙඳසලේ බ්‍රහ්ම පාදය අවහිර හෝ බාධා දෙන අයුරින් නොපැවතිය යුතුය. බ්‍රහ්ම පාදය මත බිත්ති, කොන්ක්‍රීට් කණු ආදිය ඉදි නොකළ යුතු අතර එය කිසි විටෙක පඩි පෙළකට යට නොවිය යුතුය. එමෙන්ම බ්‍රහ්ම පාදය මත මස්, මාළු ගබඩා කර ඇති ශීතකරණ, බර රාක්ක, තරාදි බරින් අධික භාණ්ඩ නොතැබිය යුතුය.කරවල වැනි දේද බ්‍රහ්ම පාදය ඇති ස්ථානයේ තැන්පත් නොකළ යුතුය.
වෙළඳ ව්‍යාපාරය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලේ වහලයද ව්‍යාපාරයේ දියුණුවට බෙහෙවින් බලපායි.එය තනිපලයක් වීම ඉතාම අසුබදායක අතර අනිවාර්යයෙන් පල දෙකකින් යුක්ත විය යුතුය. එහිදී මුදුන් යට ලීයෙන් ගොඩනැඟිල්ල එක සමාන කොටස් දෙකකට බෙදා ඇත්නම් එය ඉතා අසුබය. එය ව්‍යාපාරය ඉතා ඉක්මනින් බිඳ වැටීමට හේතුවකි. මුදල් භාර ගැනීමේ කවුන්ටරය වහලයේ මුදුන් යට ලීයට, බාල්කයකට, යට ලී හෝ කුරුපාවලට යටින් නොතැබිය යුතුය.
ව්‍යාපාර ගොඩනැඟිල්ල දෙමහල් එකක් නම් එහි පඩිපෙළට යටින් වැඳුම් පිදුම් කරන ස්ථානය හෝ මුදල් භාර ගන්නා කවුන්ටරය තැබීමත්, මල් පහන් පූජා කිරීම ආදියත් සිදු නොකළ යුතුය. සැම විටම වෙළඳසැලේ ඇතුළත හා මිදුල ඉතාම පිරිසිදුව තබාගත යුතුය. වෙළඳසල ඉදිරිපිට සෙවණ ගෙන දීමට යැයි සිතා විශාල ගස් වැවීම සුදුසු නැත. ඒවායින් බොහෝ අයහපත් ප්‍රතිඵල ඇති වේ. හිතුමතයට කිසිම විටෙක ගොඩනැඟිල්ලට අලුතෙන් කොටස් එකතු කිරීම සිදු නොකළ යුතු අතර වෙළඳසල පවත්වාගෙන යන ගොඩනැඟිල්ලේ වර්ගඵලය එහි හිමිකරුගේ සම්පත් නැකතකට සීහුම් විය යුතුය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වීමට එය අත්‍යවශ්‍ය කරුණක් වේ.
ජ්‍යෙතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති – දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස