අර්ශස් හෙවත් මූලග්ගින්න වයස් සීමාවකින් තොරව ලොකු කුඩා බාල මහලු කා හටත් වැලඳෙන රෝගයකි. ඇතැම් අයට අර්ශස් පරම්පරා රෝගයක් ලෙස වැලඳේ. එසේ නොවන සාමාන්‍ය පුද්ගලයන්ට අර්ශස් වැලඳෙන හේතුව වන්නේ අධික තෙල් බැදුම් ආහාර, සැර මස් මාළු වර්ග, මිරිස් බහුල ආහාර, අච්චාරු වැනි අබ විනාකිරි මිශ්‍ර කෑම සහිත ආහාර රටාවය.
අර්ශස් වැලඳී ඇති බවට පහළවන ලක්ෂණ කීපයකි. මල පහ කිරීමේ දී ගුද මාර්ගයෙන් ලේ පිටවීම, බඩවැල් කොටස් මල පහ කිරීමට යෑමේදී පිටතට පැමිණීම, මල පහ කිරීමේදී ඇතිවන අපහසුතාව, ගුධ මාර්ගයේ අධික දැවිල්ල, ශරීර අප්‍රාණික ස්වරූපය, මල පහ කිරීමෙන් අනතුරුව තරමක් එක් තැනක වාඩිවී සිටීමට පොළඹවන විඩාව මෙම පූර්ව රෝග ලක්ෂණ අතර වේ.
ප්‍රතිකාර
රතු ලූනු ගෙඩි කීපයක් කොටා වතුර රහිතව රතු ලූනු ඉස්ම මේස හැන්දක් ගන්න. ඊට පිරිසිදු තළ තෙල් තේ හැන්දක් දමන්න. උදේ හිස් බඩට මේ මිශ්‍රණය පානය කරන්න.
උදේ ආහාරයට –
ඉන් පැය භාගයකට පමණ පසු ගොටුකොළ, රතු ලූනු, නිවිති දඬු, කොහිල අල සම සමව ගෙන කොටා කැඳ පිස පානය කරන්න. මෙම කැඳ ලේ පිටවන අර්ශස් රෝගයට ඉතා ගුණදායක ඖෂධයකි.
දිවා ආහාරයට – ගොටුකොළ මැල්ලුම, වැල් පෙනෙල, එරබදු කොළ වැනි පලා වර්ග දිවා ආහාරයට එක් කරගැනීම සුදුසුය. රාබු නිවිති, කොහිල දඬු, සාරණ, දිය හබරල, කැකිරි, කූර දලු, ඕලු දඬු ව්‍යංජන හෙවත් තන්තු බහුල ආහාර එක් ගැනීම වඩාත් උචිත වේ.
පානය කිරීමට – වෙල් දිය හබරල මුල් කොහිල අලත් සමඟ සමව ගෙන වතුරට දමා මැටි හට්ටියක දමා තම්බා පෙරා ඉන් පීරිසි කෝප්ප භාගයක් රෑ නින්දට පෙර පානය කිරීම ඉතාම යහපත්ය.
බෙලි මුල් කළං 12ක් ගෙන වතුර බෝතල් 6ක් (කාල් 24ක්) දමා අඩකට සිඳවා (බෝතල් 3කට) එය උදේ සවස පීරිසි කෝප්ප කාල බැගින් පානය කරන්න. ඖෂධය ශිතකරණයක ගබඩා කර තබා හෝ දින කිපයක් පානය කළ හැකිය.
ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්, ඉදුණු බෙලි ආහාරයට එක්කර ගැනීම එළකිරි පානය කිරීම, සුදුසුය. අර්ශස් රෝගියෙක් ලුණු අඩුවෙන් ආහාරට ගැනීම කළ යුතුය.
අපත්‍ය ආහාර –
තෙල් බැදුම්, බල මාළු, හුරුල්ලන්, තක්කාලි, අන්නාසි, අච්චාරු, හරක් මස්, මත්පැන් පරිභෝජනය නුසුදුසුය.
සති දෙකක් තුනක කාලයක් මේ ප්‍රතිකාර විධි අඛණ්ඩව විධිමත්ව පවත්වාගෙන යෑමෙන් පරම්පරාවෙන් අර්ශස් වැලඳුණ රෝගියකුට රෝගය පාලනය කරගත හැකිය. එසේ නොවන සාමාන්‍ය රෝගියකුට රෝගය නිට්ටාවට සුව කර ගත හැකිය.