Home » ජෙෆ්රි බාවා උද්‍යානයේ 75 වන සංවත්සරයට “ලුණුගඟ වෙත”

ජෙෆ්රි බාවා උද්‍යානයේ 75 වන සංවත්සරයට “ලුණුගඟ වෙත”

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

ජෙෆ්රි බාවා ගේ උද්‍යානයේ 75 වන සංවත්සරය සමරුව යටතේ ජෙෆ්රි බාවා භාරය දියත් කරන සිය අඛණ්ඩ වැඩසටහන් මාලාවේ තුන්වන අදියර ලෙස පසුගිය ජූලි 11 සහ 14 අතර ” ලුණුගඟ වෙත ” වැඩසටහන දියත් කරන ලදී. වැඩසටහන් මාලාවේ පළමු සහ දෙවන අදියරයන් යටතේ පසුගිය මාස 12 පුරා ” සොබා දහම සහ ස්වභාවිකත්වය…” ” පරිසර විද්‍යාව සහ සංවේදනය…”,

“ප්‍රවේශය භාෂාවෙන් ඔබ්බට… ” සහ, “උද්‍යානය කාචයක් ලෙස… ” යන බහුවාචික ව්‍යාපෘති මාලාවක් පවත්වන ලදී.

ලුණු ගඟේ නව ස්ථාපනයන් දෙකක් දියත් කිරීම ඇතුළුව කොළඹ සහ බෙන්තොට හරහා වැඩසටහන් මාලාවක් සිදු කිරීම මඟින් තුන්වන සහ අවසන් අදියර දියත් කෙරිණි.

ජූලි 13 වන සෙනසුරාදා, ජෙෆ්රි බාවා භාරය සහ ඊනා ඩි සිල්වා පදනම විසින් “උද්භිද විද්‍යාව සහ බතික් – ඊනා ඩි සිල්වාගේ ජීවමාන ලේඛනාගාරය” ස්ථාපිත කරන ලදී. භාරය විසින් සුව්ශේෂී සංරක්ෂණ ප්‍රයත්නයක් ලෙස බෙන්තොටට ගෙන යන ලද ජෙෆ්රි බාවා නිර්මාණය කළ ඊනා ඩි සිල්වා නිවස ලුණු ගඟ වත්තේ අංක 05 ස්ථානයේ පිහිටුවා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division