බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අගෝස්තු 3 හා 4 වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේදී පැවැත්වෙන අතර අගෝස්තු 7 සිට 9 දක්වා බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ ධර්මදේශනා මාලාව සිදු කෙරේ.
එසේම 11 වැනිදා පිරිත් දේශනය ආරම්භ කෙරෙන අතර 16 දා සුත්‍ර දේශනාද 17 දොරකඩ අස්න අනුශාසනාව දේවදූත පෙරහැර සහ කුඹල් පෙරහැර පැවැත්වේ. අගෝස්තු 19 – 21 දක්වා මල් පෙරහැර පැවැත්වෙන අතර
22 පාවාඩ පෙරහැර හා 23 රන්සිවිලි පෙරහැර පැවැත්වේ.
අගෝස්තු 24 වැනිදා රන්දෝලි මහ පෙරහැර පැවැත්වෙන අතර 25 වැනිදා දියකපන පෙරහැර සහ දේවදානය පැවැත්වීමෙන් පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.