Home » උසස් අධ්‍යාපනයට ඉන්දීය ශිෂ්‍යත්ව මෙවරත්

උසස් අධ්‍යාපනයට ඉන්දීය ශිෂ්‍යත්ව මෙවරත්

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment
ශිෂ්‍යත්වලාභීන් කිහිපදෙ‍ෙනක්

ඉන්දීය රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය හා එක්ව ශ්‍රී ලාංකික සිසුන්ට එරට අධ්‍යාපනය පිණිස වාර්ෂිකව ලබා දෙන ශිෂ්‍යත්ව 200කට අධික සංඛ්‍යාව මේ වසරේදීද ලබා දී ඇති අතර එහිදී ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරීම පිණිස තෝරාගත් අයදුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම සැපයීමට ඉන්දීය රජය විසින් කටයුතු කර තිබේ. මේ වසරේ තෝරා ගත් සිසු සිසුවියන්ගෙන් පිරිසක් පසුගියදා කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේදී සිය අදහස් මාධ්‍ය හමුවේ දක්වන ලදී. එහිදී ඔවුන් පැවසුවේ ඉන්දීය රජය විසින් ලබා දී ඇති මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික සිසු සිසුවියනට පමණක් නොව සමස්ත ප්‍රජාවටම ඉතා වැදගත් වන බවයි. මෙවර ශිෂ්‍යත්වලාභීන් අතර භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද වන අතර ඊට අමතරව සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ගයන් තේරී පත්ව ඇති අතර කොළඹදී ඔවුන් සියලු දෙනාම අදහස් දක්වමින් පැවසුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කඩිනමින් තමන්ට ඉන්දියානු විශ්වවිද්‍යාල කරා යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි. එමෙන්ම එහිදී අවශ්‍ය පහසුකම් මෙන්ම සියලු පොත්පත් මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම ගැන ඔවුහු වැඩිදුරටත් ස්තුතිය පළ කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සිදු කළ ශිෂ්‍යත්ව ප්‍රදානය සම්මුඛ පරීක්ෂණ කිහිපයක් හරහා සිදු කළ අතර ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් පිළියන්දල සුවාරපොළ ධම්මතිලකාරාමවාසී මාවරලේ අමිත හිමි ඇතුළු පිරිසක් එහිදී අදහස් දක්වන ලදී.

සේයාරූ – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division