Home » රනිල්ගේ ආර්ථික පරිවර්තනයට සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි

රනිල්ගේ ආර්ථික පරිවර්තනයට සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි

by Mahesh Lakehouse
July 27, 2024 12:39 am 0 comment

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහ මැති ඇමැතිවරුන් විසින් පිළිගැනීමකට ලක්කිරීමක් බව ආර්ථික හා දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත.

එම පනත් කෙටුම්පත් පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ කාරක සභා අවස්ථාවන්හිදී ඊට සංශෝධන කිහිපයක් එක් කරමිනි. කිසිදු පක්ෂයක් ඒ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටි අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ ආර්ථික ගමන් මඟ ඔවුන් විසින් පිළිගෙන ඇති බව තහවුරු වී ඇත.

නිදහසින් පසුව 2001 වසරේදී හා 2022 වසරේදී මෙරට දැවැන්ත මූල්‍ය අර්බුදයකට පත්වූ අතර ඒ අවස්ථාවන්හිදී පිළිවෙළින් මෙරට ආර්ථිකයේ වර්ධනය ඍණ 1.4ක් හා සෘණ 7.8 ක් දක්වා පහත වැටුණි.

එම තත්ත්වයන් දෙකේදීම රටේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලදී.

පසුගිය වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්වී රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරට මාස ගණනාවක් තිස්සේ මෙරට පැවැති ඉන්ධන, විදුලිය, ගෑස් හිඟය නිමා කරමින් ජනතාවට සහන සැලැසීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සමස්ත සමාජයම අනුමත කිරීමක් බව මැති ඇමැතිවරුන් විසින් පිළිගෙන තිබෙන බව මෙයින් පෙනී යන්නේ යැයි විචාරකයන් විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම 2027 වසර දක්වා විදේශීය ණය නොගෙවීමට එකඟතාවන් ඇති කරගනිමින් හා ආර්ථිකය ශක්තිමත් කිරීමට පනත් ඉදිරිපත් කිරීම හරහා මෙරට ඍජු ආර්ථිකයක් කරා ගෙන යාමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද උත්සාහය සියලු පක්ෂ විසින් අනුමත කිරීමක් බවද විචාරකයන් විසින් පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division