අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා සිදු කෙරිණි. එම අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක නියැළුණු අවස්ථාව.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, හිටපු පාර්ලිමේන්තුවරුන් වන චම්පිකා ප්‍රේමදාස, පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති ජයම්පති බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.