ජනාධිපතිවරණය සඳහා පසුගිය සිකුරාදා ප්රථමයෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇප මුදල් තැන්පත් කළේය.
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ පසුගිය සිකුරාදා එනම් 26 දා අපේක්ෂකයන් හතර දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වන සරත් කීර්තිරත්න මෙන්ම හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියෙකු වන ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේද මුල් දිනයේ ඇප මුදල් තැන්පත් කළ අය අතර වෙති. සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන අතර ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණින්ද, ඒ. එස්. පී. ලියනගේ ශ්රී ලංකා කම්කරු පක්ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.
සුභාෂිණි ජයරත්න