Home » ප්‍රථම ඇප තැන්පතුව ජනපති රනිල්ගෙන්

ප්‍රථම ඇප තැන්පතුව ජනපති රනිල්ගෙන්

by Mahesh Lakehouse
July 27, 2024 12:37 am 0 comment
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට නීතිඥ රොනල්ඩ් පෙරේරා හා නීතිඥ යසස්ද සිල්වා මැතිවරණ කොමිසමට ගිය අවස්ථාව.

ජනාධිපතිවරණය සඳහා පසුගිය සිකුරාදා ප්‍රථමයෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇප මුදල් තැන්පත් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය සිකුරාදා එනම් 26 දා අපේක්ෂකයන් හතර දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මෙන්ම හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියෙකු වන ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේද මුල් දිනයේ ඇප මුදල් තැන්පත් කළ අය අතර වෙති. සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන අතර ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණින්ද, ඒ. එස්. පී. ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.

 

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division