1.7K
තම පාලනයක් යටතේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
බ්‍රිතාන්‍ය රැජිනගේ ආධිපත්‍යයෙන් යටත් කර ගත් රටවල් ඉන් මිදුණා.
එම රටවල් වෙනත් ආකාරයකින් යටත්ව පවත්වාගෙන යාම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවන ලද බවද හෙතෙම පෙන්වාදෙයි.
බ්‍රිතාන්‍ය මහරැජිනගේ ආධිපත්‍යය නොමැති පොදුරාජ්‍ය මණ්ඩලයක තමන් පක්ෂ නමුත් ඇයගේ ආධිපත්‍යය සහිත පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇතැයි ද හෙතෙම කියා සිටී.