යුක්තිය මෙහෙයුමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටපුරා වැට බැඳෙද්දී මත්කුඩුවල යම් අඩුවක් දක්නට ලැබුණ ද ජාවාරම අත හැරීමට ඇතැම් ජාවාරම්කරුවන් සූදානම් නැති බව පෙනී යන්නේ මත්කුඩු ජාවාරමුන් මත්ද්‍රව්‍ය සමඟින් තවමත් යුක්තියට හසුවෙමින් සිටින නිසාය.
මත්කුඩු අඩුව මකන්නට එන්නේ මත්කරල් සහ මත්පෙතිය. මේවා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් රහසිගතව කොළඹ සහ තවත් තැන් ගණනාවකට ප්‍රවාහනය කරන බව රහසක් නොවේ. විශේෂයෙන් උතුරු පළාතේ යාපනය, මන්නාරම සහ වයඹ පළාතේ කල්පිටියෙන් පසුගිය දිනවල මත්කරල් සහ මත්පෙති සැලකිය යුතු සුළු සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුණ අතර එහිදී හෙළිවන්නේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්කරල් සහ මත්පෙති මෙලෙස ඉතා සූක්ෂමව රට වටේ බෙදාහරින බවයි.
ඇතැම් ඖෂධහල් හිමියන් සහ සේවකයන් මත්කරල් සහ මත්පෙති මත්ලෝලීන් වෙනුවෙන් ලොකු මුදලකට අලෙවි කරන අතර එම ෆාමසි වටලා මත්පෙති සහ මත්කරල් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට පසුගිය දිනවලදි හැකි විය. ඒ යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදීය.
අයිස්, හැෂ්, හෙරොයින් යන මත්ද්‍රව්‍යවල හිඟය නිසා ඒවා අතහැර මත් පෙත්තට සහ මත්කරලට ‘මාරුවී’ සිටින මත්ලෝලීන් ඇතැම් ෆාමසිවලින් ලොකු මුදලක් ගෙවා ඒවා ලබාගැනීමට උත්සාහ කරන්නේ මත්ද්‍රව්‍යවලට ආදේශකයක් වශයෙනි. විශේෂයෙන් මානසික රෝග ඇතුළු රෝග කීපයක් සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන ඇතැම් ඖෂධ වර්ග මත්ලෝලීන් ඇතැම් ෆාමසි ඔස්සේ ලබා ගන්නේ ලොකු මුදලක් ද ඒ සඳහා ගෙවමිනි.
මත්ලෝලීන්ට එවැනි ඖෂධ නීති විරෝධි ලෙස නිකුත් කරන සමහර ෆාමසිවල හිමිකරුවන්, වෙළෙඳ සේවකයන් පිළිබඳ බුද්ධි අංශ මඟින් සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් ප්‍රධානීන් සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබුණේ ද පසුගියදාය. ඒ වසංගතයක් මෙන් මෙම මත්පෙති සහ මත්කරල් ජාවාරම ක්‍රියාත්මක වන නිසාය.
බොහෝ ෆාමසි වෛද්‍ය නිර්දේශය නොමැතිව මෙම කරල්, පෙති කිසිවකුට නිකුත් නොකරන නිසා මත්ලෝලිහු ඒ සඳහා තවත් ප්‍රතිකර්මයක් සොයා ගත්හ. ඒ වෛද්‍යවරුන් විසින් නිකුත් කරන බෙහෙත් තුණ්ඩු සොරකම් කර වෛද්‍යවරුන්ගේ අත්සන් හොරට ගසා ඒ තුණ්ඩු ෆාමසිවලට පෙන්වා පෙති සහ කරල් ලබා ගැනීමයි. ගම්පහ දිසාවේ බෙම්මුල්ල පොලිස් ස්ථානයෙන් සහ නුවරඑළිය පොලිසියෙන් එවැනි සිදුවීම් දෙකක් පසුගියදා වාර්තා වූයේ අදාළ පොලිස් ස්ථානවල නිලධාරින් සිදුකරන ලද විමර්ශන නිසාය.
මේ අතර කෑගල්ල දිසාවේ ගලපිටමඩ ප්‍රදේශයෙන් මත්කරල් සහ මත්පෙති ජාවාරමක් පිළිබඳ පසුගියදා වාර්තා විය. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
වරකාපොළ, නියැදුරුපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සන්තකයේ මත්පෙති ඇති බවට ගලපිටමඩ පොලිස් ස්ථානයේ නිලධරයන් කණ්ඩායමකට තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. ඒ කිසිවකු පොලිසියට දුන් දුරකතන ඇමතුමකට අනුවය.
මේ තොරතුරු ලද වහාම එහි ගිය ගලපිටමඩ පොලිසියේ නිලධරයන් කණ්ඩායමක් සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී මත්පෙති දෙක බැගින් සොයා ගැනීමට හැකිවිය.
මේ දෙදෙනාට මත්පෙති ලැබෙන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිස් නිලධරයෝ වරකාපොළ, උඩුවන ප්‍රදේශයට ගොස් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු සතුව තිබූ මත්පෙති 43ක් සොයා ගැනීමට හැකිවිය.
එම පුද්ගලයාගෙන් පොලිස් නිලධාරින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ ඔහුට මත්පෙති ලැබුණු ආකාරය පිළිබඳවය. එහිදී හෙළිවන්නේ ඖෂධහලක හිමිකරුවකු මේ ජාවාරමට සම්බන්ධ බවය. වරකාපොළ, ෙපාලිස් වසමේ ඖෂධහලක් පවත්වාගෙන යන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. ඔහු සන්තකයේ මත්කරල් සහ මත්පෙති විශාල ප්‍රමාණයක් ඇති බවට පොලිසිය ඒ වනවිටත් තොරතුරු හෙළිදරව් කරගෙන තිබිණි.
මේ බව ගලපිටමඩ පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් කෑගල්ල ආහාර සහ ඖෂධ පාලක එස්.ඒ.ආර්.ජේ. සුරවීරට දැනුම් දීමෙන් අනතුරුව මත්පෙති සහ මත්කරල් 8524 සමඟ සැකකරු අත්අඩංගුවට ගැනිණි. මේ අනුව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සංඛ්‍යාව 4කි.
කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, සීතාවකපුර වැඩබලන පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන නිලධාරින්ගේ උපදෙස් මත ගලපිටමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර, උප පොලිස් පරීක්ෂක ශ්‍රීනාත්, සැරයන්වරුන් වන (36488) ජයකොඩි, (8155) ජයතිලක, කාන්තා පොලිස් කොස්තාපල්වරුන වන (9107) චිත්‍රා, (11114) දහර්මිනි, පොලිස් කොස්තාපල් රියැදුරු (89998) සඳරුවන් යන නිලධාරින් නිලධාරිනියන් වැටලීම සිදුකළහ.
ඡායාරූප – කෑගල්ල චමින්ද ජයලත්
දීපාල් සමරසේකර