ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CA Sri Lanka) 59 වැනි වාර්ෂික ‘TAGS-2024’ සම්මාන තරගය සඳහා දැන් අයදුම්පත් භාරගනී. මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණයේ නව්‍යකරණයන් සහ හොඳම භාවිතයන් ඇගයීමට ලක්කරන ‘TAGS’ සම්මාන උලෙළ 2024 දෙසැම්බර් 12 වැනි දින කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත්ව පැවැත්වේ. බහුජාතික සමාගම්, ස්ථාවර ලාභදායි සමාගම් (blue-chip), සමූහ ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ලාභ නොලබන සංවිධාන (NPOS), රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ විධිමත් ආකාරයට වාර්ෂික වාර්තා පිළියෙල කරන අනෙකුත් ආයතන ඇතුළු පුළුල් පරාසයක ආයතන සඳහා මෙම තරගය විවෘතය.
‘TAGS-2024′ සම්මාන තරගයේ මෙවර තේමාව “ඩිජිටල් මුවහත අබියස – ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය පෝෂණය කිරීම (“The Digital Edge- Enriching Corporate Reporting Excellence’) යන්නයි. එමඟින් කෘත්‍රිම බුද්ධිය Al සහ ඩිජිටල් තාක්ෂණයේ විශ්මයජනක නවෝත්පාදන පරිවර්තන හැකියාව අවධාරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක සහ සභාපති ඩිල්ෂාන් විරසේකර 2024 TAGS සම්මාන උලෙළේ උපායමාර්ගික හවුල්කරු ලෙස සම්බන්ධ වන අතර, මෙම අවස්ථාවට CA Sri Lanka උප සභාපති ටිෂාන් සුබසිංහ, TAGS සම්මාන කමිටුවේ සභාපති චමිලා කුරේ සහ විකල්ප සභාපති නිශානි පෙරේරා සහභාගි විය. ‘TAGS-2024’ සම්මාන තරගයට අයදුම්පත් 2024 ජූලි 30 සිට 2024 අගෝස්තු 31 දක්වා භාරගනු ලැබේ. වැඩි විස්තර සඳහා සහ තරඟය සඳහා ලියාපදිංචි වීමට කරුණාකර www.ara.casrilanka.org වෙත පිවිසෙන්න.