අගෝස්තු 1 වැනිදාට යෙදෙන ජාතික පැන්තරා පාඩස් කොටින්ගේ දිනය සමරමින්, LOLC සමූහය සහ වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society – WNPS) එක්ව ශ්‍රී ලාංකිය පැන්තරා පාඩස් කොටියන් සංරක්ෂණ වැඩසටහන් දියත් කර ඇත. මෙම කොටියන් දැනට ඉතිරිව ඇත්තේ 1,000 කට වඩා අඩු සංඛ්‍යාවක් බැවින්, LOLC විසින් “ශ්‍රී ලංකා පැන්තරා පාඩස් කොටියන් සුරකිමු” (Save the Sri Lankan Leopard) තේමාවෙන් නව ලාංඡනයක් හඳුන්වා දී ඇත. මේ පිළිබඳ LOLC ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, ” මේ කොටි ඝනත්වය, උන්ගේ හැසිරීම සහ උන්ගේ අන්තර්ක්‍රියා පිළිබඳ දත්ත ප්‍රමාණවත් නැහැ. මේ නිසා අපි වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමය සමඟ පස් අවුරුදු ව්‍යාපෘති එකඟත්වයකට ආවා…” යි පැවසීය. ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර වේදිකා හරහා ”පැන්තරා පාඩස් කොටි – මිනිස් සහජීවන ” සංසදවල ක්‍රියාකාරී ආචාර්ය ජෙනීන් මැක්මැනස් පැන්තෙරා මෙම නව්‍ය ප්‍රවේශය අගය කළාය.
අග්‍ර විලෝපියා සුරැකීමට LOLC කැපවේ
1.3K
previous post