ජුනි 27 සිට 30 දක්වා BMICH හිදී පැවති ‘Electric Expo 2024-BYD EV Motor Show 2024 විදත් වාහන ප්‍රදර්ශනයේ නිල ලීසිං සහ මූල්‍ය සහකරු ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කටයුතු කළේය.
විදත් වාහනයක් මිල දී ගැනීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් හඳුන්වා දෙන ලද පහසු මෙන්ම නම්‍යශීලි EV ලීසිං පහසුකම, මෙම මෝටර් රථ ප්‍රදර්ශනයේ දී දැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. තරගකාරී පොලී අනුපාත, නම්‍යශීලි ආපසු ගෙවීමේ පහසුකම් සහ මූල්‍ය විසඳුම් හඳුන්වා දෙන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම EV ලීසිං පහසුකම හරහා ශ්‍රී ලංකාවේ විදත් වාහන භාවිතය දිරිමත් කිරීමෙන් තිරසර හරිත අනාගතයක් ගොඩනැංවීමට දායක වීමට බලාපොරොත්තු වේ.