Home » NDB, ISO 27001 : 2022 ලත් පළමු ලාංකික බැංකුව වෙයි

NDB, ISO 27001 : 2022 ලත් පළමු ලාංකික බැංකුව වෙයි

by gayan
August 3, 2024 12:30 am 0 comment

NDB බැංකුව සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය (Information Security Management System – ISMS) සඳහා නවතම ISO 27001 : 2022 සහතික හිමිකරගත් පළමු ලාංකික බැංකුව බවට පත් විය. ISO 27001 : 2022 සහතිකය, දත්ත සුරක්ෂිතව තබාගැනීම සහ තොරතුරු ආරක්ෂණ කළමනාකරණය කිරීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙහි ලා NDB බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරයි. NDB බංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී (CIO) සහ තොරතුරු තාක්ෂණ අංශ උප සභාපති (VP–IT), ඉන්දික ගුණවර්ධන, අපගේ දත්ත ඕනෑම ආකාරයකින් ආරක්ෂා කිරීම පිළිබඳ අපට පැහැදිලි දැක්මක් ඇත. තවදුරටත් අපගේ සේවා ජාත්‍යන්තර වශයෙන් නියම වූ ප්‍රමිතීන් සපුරාලීම සඳහා, තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය (IT Service Management) සඳහා ISO 20000 සහතිකය ද, දත්ත රහස්‍යතා කළමනාකරණය (Management of Data Privacy) සඳහා ISO 27701 සහතිකය ද මෙම වසර තුළ ලබා ගැනීමට සැලසුම් කරන බව පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division