දශක ගණනාවක් පුරා අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණය, නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුලන Kitchen & Bedroom සමාගම, අවමකරණ (minimalism) සංකල්පය, ප්‍රයෝජ්‍යතාව (functionality) සහ නවමු සුඛෝපභෝගීත්වය කැටි කරගත් නව වෙළෙඳ ලාංඡනයක් හඳුන්වා දෙන ලදි. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ නිර්මාණකරණයේ සහ අවකාශ සැලසුම්කරණයේ ප්‍රමුඛයකු ලෙස නවීන අදහස් පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට අප සතු කැපවීම මෙම නව වෙළෙඳ ලාංඡනය හඳුන්වාදීමේ අරමුණයි. ඉදිරියටත් නව අදහස් සහ නිර්මාණ සමඟින් ඉහළ පාරිභෝගික සේවාවක් ලබා දීමට අප කැප වී සිටිනවා…” යනුවෙන් Kitchen & Bedroom සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය මොහොමඩ් රුෂ්මි සක්වාෆ් (ඡායාරූපයේ දකුණු පස) ප්‍රකාශ කළේය. ” ක්ෂේත්රය තුළ මා සතු දේශීය සහ ජාත්‍යන්තර මෙහෙයුම් අත්දැකීම් හරහා Kitchen & Bedroom හි ප්‍රධාන කාර්යසාධන දර්ශක ළඟා කර ගැනීමටත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමටත් හැකිවනු ඇත…” යනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මොහොමඩ් නවුෆාල් නුර්ඩීන් (වමේ) පැවසී ය.
Kitchen & Bedroom නව වෙළෙඳ ලාංඡනයක් සමඟ ඉදිරියට
692