සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උලෙළේදී හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඇති කැපවීම සහ සුවිශේෂී ආයෝජන සබඳතා පවත්වාගෙන යාමට ඇති කැපවීම ඇගයීමට ලක් කෙරිණි. ප්‍රාග්ධන වෙළෙඳපොළ විශිෂ්ටතා සම්මාන උලෙළේ (Capital Market Awards) වසර 12 ක ඉතිහාසය තුළ සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් රන් සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වීම විශේෂයෙන් කැපී පෙනේ.
සන්ෂයින් හෝල්ඩින්ග්ස්ට CFA Capital Market රන් සම්මානය
1.3K
previous post