මේෂ – සුබ සතියකි
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක් පෙන්වන අතර ව්‍යාපාර ලාභ ගෙන දෙයි. සෙම් රෝගවලට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. විරුද්ධව කටයුතු කරන අය ද ඇත. කෙසේ වෙතත් ඔබ නොසැලී දියුණුවට අදාළ වැඩ කරගෙන යන්න. අපල අවම වීමට බෝධිපූජාවලට සහභාගී වන්න.
සුබ අංක – 6, 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා
වෘෂභ – මවගේ සහාය
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. ඔබට මෙතෙක් අතපසුව තිබූ ගෙදරදොර කටයුතු ද මේ සතියේ අවසන් කර ගැනීමට හැකිවනු ඇත. මවගේ සහය ලැබෙන අතර දුවා දරුවන්ගේ යහපත් අරමුණුවලට විසඳුම් සහ සුබපල හිමිකර දෙයි. ආමාශගත මෙන්ම උදර රෝග මතුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ කරන්න අදහස් කරගෙන සිටින කිසිම දෙයක් යහළුවන් සමඟ නොකියන්නේ නම් හොඳයි. අපල අවම වීමට අවට පරිසරය පිරිසිදු කරන්න.
සුබ අංක – 5, 6, සුබ වර්ණ – කොළ, සුදු, සුබ දවස් – සෙනසුරාදා, බදාදා
මිථුන – උත්සාහය අත්නොහරින්න
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබගේ සහජ දක්ෂතාවන් මත කරගෙන යන සෑම දෙයක්ම සාර්ථක වීමට හැකිවේ. සතිය වාසනාවන්තය. උත්සාහය අත්නොහැර කාලයෙන් නිසි පල ප්‍රයෝජන ගන්න. ඔබගේ කටයුතු විවේචනයට භාජනය කරන අය ගැන මඟ හරින්න. මා පිය සහෝදර දූ දරු බැඳීම් වර්ධනය වේ. අපල අවම වීමට බුදුන් වැඳීම නිවැරැදිව සිදුකරන්න.
සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා
කටක – අතමිට සරුවේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ධනස්ථානය හරහා සඳු ගමන් කරන බැවින් ඔබට ලැබිය යුතු මුදලක් හෝ වෙනත් ලාභ හිමිවිය හැකිය. සහෝදර මාපිය උපකාර ලැබ ගෙදරදොර කටයුතු හොඳින් සිදුකර ගැනීමට ද පුළුවන. ස්වයං රැකියා දියුණුව, විදෙස් ගමන් සඳහා ලිපි ලේඛන ලැබේ. හදිසි සුළු අනතුරු අසනීප ආදියට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. අපල අවම වීමට මවට සත්කාර උපකාර කරන්න.
සුබ අංක – 2, 7, 9, සුබ වර්ණ – කහ, සුදු,
සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සිංහ – ධන ලාභ
සඳු ගමන් ගන්නේ ලග්නය, 2, 3 යන භාවයන් හරහාය. ලග්න භාවයේ සිට සඳු ගමන් කරන බැවින් ඔබගේ ආර්ථික ශක්තිය වර්ධනය වන අතර සිතුවිලි ද යහපත් වේ. අන්‍යයන්ට උදව් උපකාර කිරීම් වැඩිවේ. සහජ දක්ෂතා ඔප් නැංවේ. පදිංචි ස්ථානයේ සිට තම දක්ෂතා හෙළි කරයි. ඒවායින් දියුණුව සලසා ගනී. අන්‍යයන්ගේ විවේචන ගණනකට නොගෙන ඔබේ සේවාව නිසියාකාරව කරයි. අපල අවම වීමට ඉවසීමම ප්‍රමාණවත් වේ.
සුබ අංක – 5, 9, සුබ වර්ණ – තැඹිලි, රතු, සුබ දවස් – අඟහරුවාදා, බදාදා
කන්‍යා – මිශ්‍රඵල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 12, ලග්නය, දෙවැන්න හරහාය. ආරම්භය කල්පනාකාරී වන්න. ගැටලු අලාභ ඇතිවිය හැකිය. නීතිමය කටයුතුවලට යොමුවිය හැකිය. ඉන්පසු කාලය යහපත්ය. මිල මුදල් සොයන්නට උනන්දු වේ. කතාවෙන් අන්‍යයන්ගේ සිත් දිනා වැඩ කරයි. පොදු සමාජ සේවා, පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙයි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 5, 7, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – හිතවතුන්ගෙන් උදව් උපකාර
සඳු ගමන් ගන්නේ 11, 12, 1 යන භාවයන් හරහාය. ආරම්භය සෑම අතින්ම වාසනාවන්ත වේ. ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. අගහිඟතා මඟ හැරී ගෘහය තුළ කටයුතු සමගිය සමාදානය ඇතිව කරගෙන යයි. දරුවන්ගේ ඉගෙනුම් තත්ත්වය යහපත්ය. සමහරවිට පාඩු හෝ නිෂ්ඵල ගමනක් යෙදිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අපල අවම වීමට උපේක්ෂා සහගතව ගැටලුවලට මුහුණ දෙන්න.
සුබ අංක – 2, 4, සුබ වර්ණ – සුදු, ලා තැඹිලි, සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
වෘශ්චික – යහපත් සතියක්
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබන යහපත් සතියකි. ඒ අතරතුර වංචනික කටයුතුවලට ද හසුවීමට ඉඩ ඇත. විදෙස් ගමන් සඳහා ලිපි ලේඛන ලැබීමට ඉඩ ඇති මේ සතිය තුළ ඔබගේ කටයුතු සපල වේ. බුද්ධිමත්ව සිටින්න. උත්සාහවන්ත වන්න. අපල අවම වීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර ටිකක් දෙන්න.
සුබ අංක – 1, 2, 7, සුබ වර්ණ – රතු, තැඹිලි,
සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – රැකියා, ව්‍යාපාර වලින් ලාභ
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. දැහැමි සිතුවිලි උපදවන මේ සතිය තුළ රැකියා, ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන හිමිවන අතර අරමුණු සපල වේ. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් විහාරස්ථානයේ අඩුපාඩුවක් සකසා දීමට ඉදිරිපත් විය හැකිය. අපල අවම වීමට ධර්ම දේශනා අසන්න.
සුබ අංක – 3, 5, 6, සුබ වර්ණ – කොළ, තැඹිලි, සුබ දවස් – බදාදා, ඉරිදා
මකර – ගෘහ ජීවිතය සාර්ථකයි
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් හරහා බැවින් ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ ඇත. ඉන්පසු දින කීපය තුළ ගෘහ ජීවිතය හොඳින් ගතවේ. කරන කියන රැකියා වෙළ හෙළඳාම් දියුණුව ඇත. අක්ෂි රෝගවලට ඉඩ ඇත. ගෙදරදොර වැඩවලට අධික වෙහෙසක් දරයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවම විමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ – ජයග්‍රහණ අත්වේ
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. අසනීප ගති පැමිණිය හැකි බැවින් මේ සතිය තුළ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගන්න. ඒවාට මුල්තැනක් දී ඉතිරි වැඩ කරගෙන යන්න. ජයග්‍රහණ අත්වේ. රැකියා, ව්‍යාපාරවලින් පල ප්‍රයෝජන ඇත. අපල අවම වීමට සූරිය පිරිත අසන්න.
සුබ අංක – 7, 9, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා
මීන – විදෙස් ගමන්
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. ඔබට තිබූ සතුරු කරදර ඉවත් වී යයි. කා සමඟත් සුහඳතාවයෙන් කටයුතු කිරීමට හැකිවේ. රැකියා, ව්‍යාපාර ලාභ ඇත. විදෙස් ගමන් යෙදේ. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවන ග්‍රහබලයක් පෙන්වයි. අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දමන්න.
සුබ අංක – 4, 9, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා