Home » බිරියට දරුපල අහිමි කරන නි‌ෙවසේ වාස්තු දෝෂ

බිරියට දරුපල අහිමි කරන නි‌ෙවසේ වාස්තු දෝෂ

by gayan
August 3, 2024 12:30 am 0 comment

විවාහ වන සෑම යුවළකගේම ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ දරු සම්පතයි. එහෙත් එම පැතුම සපුරා ගත නොහැකිව සුසුම්ලන අඹු සැමියන් වර්තමානයේ කොතෙකුත් දක්නට ලැබේ. ඒ සඳහා බලපාන හේතු බොහෝ තිබෙන අතර නි‌ෙවසේ පවතින වාස්තු දෝෂද ප්‍රධාන කාරණයක් වේ. නි‌ෙවස පිහිටා ඇති භූමියේ දෝෂ, පරිසරයේ දෝෂ සහ නි‌ෙවසේ දෝෂ ඒ සදහා බලපායි.

දරු සම්පත් අහිමි වීම කෙරෙහි භූමියේ තිබෙන දෝෂ අතර මැද මහත්ව දෙකොන සිහින්ව මිහිඟු බෙරයකට සමාන වූ මූර්ඡාකාර භූමිවල නිවෙස් ඉදිකිරීම ප්‍රධාන හේතුවක් වේ. එබඳු භූමිවල ඉදි කර ඇති නිවෙස්වල ස්ත්‍රීන්ට මාරක අපල මෙන්ම දරු පලද අහිමි වේ. බස්නාහිර දිශාවට බෑවුම්ව පිහිටි භූමිවල සහ නිරිත දිශාවට දික්ව ඇති භූමිවල ඉදිකරන ලද නිවෙස්වල ස්ත්‍රීන්ටද දරුපල අහිමි වේ. නි‌ෙවස පිහිටි මිදුලේ සතර කොන් උස්ව මැද පහත් වීමද, දකුණු දිසාවේ ළිඳක් පැවතීමද දරුපල හිනවීමට හේතුවක් වේ. බස්නාහිර දිශාවට බෑවුම්ව පහත්ව තිබියදී නැ‌ෙඟනහිර, ගිනිකොණ, ඊශාන කොන් උස්ව පිහිටා ඇති භූමිවලද, නැ‌ෙඟනහිර, බස්නාහිර දිශා දික්ව, උතුරු දකුණු දිශා උස්ව පිහිටා ඇති භූමිවලද ඉදි කර ඇති නිවෙස්වල ස්ත්‍රීන්ට සහ දරුවන්ට හානි සිදු වේ.

අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවසල , සියාවස, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැතකින් නිවාස කටයුතු ආරම්භ කිරීම සුබය. එහෙත් ගෘහ ආරම්භයේදී වඳ නැකත් යොදා ගතහොත් එය දරුපල හීනවීමට හේතුවක් වේ. ගෘහ ප්‍රවේශ ලග්න රාශිය ගෘහ මූලිකයාගේ කේතුගේ ලග්න රාශියෙන් 5 වැන්න හෝ 9 වැන්න වීමද දරු සම්පත් හීන වීමට හේතු වන බව දැක්වේ.

වාස්තු විද්‍යානුකූල නි‌ෙවසක සතර දිශාවන් චතුරස්‍රාකාරව පැවැතිය යුතුය. අත්තිවාරම ශූන්‍ය නොවිය යුතු අතර ගිනිකොන, නිරිත දිශාවන් ශූන්‍ය වීම එහි ජීවත් වන කාන්තාවට දරුපල අහිමි වීමට හේතු වේ. නි‌ෙවසක දිශා ඇද වූ විට එම නි‌ෙවසේ ජීවත්වන ස්ත්‍රීන් ගැබ් නොගනී. දිශා පරස්පර වූ විටද නිවසේ දරුවන්ගේ විනාශය සිදු වේ.

මහල් නිවාසවල තරප්පු පේළිය හෝ වැසිකිළිය යට පිහිටි කාමරවල වෙසෙන ස්ත්‍රීන්ටද දරුපල හීන වේ. එමෙන්ම නි‍ෙවසේ ප්‍රධාන නිදන කාමරය පිහිටි කාමරයට එක එල්ලේම උඩින් ඉහළ මහලේ වැසිකිළියක් පිහිටා තිබීමෙන්ද ස්ත්‍රීයට දරුඵල අහිමි විය හැකිය.

අනවශ්‍ය ලෙස බොහෝ ජනෙල් ඇති නිවෙස්වල පදිංචි ස්ත්‍රින්ගේද ගර්භ විනාශය සිදු වේ. නි‍ෙවසේ නැගෙනහිර දිශාවේ ජල ටැංකි ආදිය තැබීමද එම නිවෙසේ වෙසෙන ස්ත්‍රීන්ට දරුපල කෙරෙහි අයහපත් බලපෑම් ඇති කරයි.

නි‍ෙවසක ප්‍රධාන ද්වාරය තැබීම සිදු කරන්නේ එම අත්තිවාරමේ දිග ප්‍රමාණය 9න් බෙදා පාද 9 කට වෙන් කිරීමෙනි. එහි පර්ජන්‍ය නමින් හඳුන්වන පාදයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් ද එම නිවසේ ස්ත්‍රීන්ට දරුපල අහිමි වීමට ඉඩ තිබේ. එ⁣මෙන්ම නි‍ෙවසේ දොරවල් බටහිර සහ දකුණු දිශාවලට පමණක් තබා ඇති නිවෙස්වල පදිංචි ස්ත්‍රීන්ටද දරුපල නොමැතිවීමට ඉඩ ඇත.

නිවසේ වැසිකිළි වළ ගිනිකොන දිශාව තුළ පිහිටා තිබෙන විට එම නි‍ෙවසේ වෙසෙන ස්ත්‍රීන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග හට ගැනීමේ අවදානමක් ඇති අතර එය දරු උපත් කෙරෙහිද බලපෑම් ඇති කරයි.

නිදන කාමරයේ උතුරට හිස දමා නිදා ගැනීමෙන්ද අඹුසැමියන්ට හිස ආශ්‍රිත රෝග සහ මානසික පීඩාකාරී බව ඇති වන අතර එය බිරියට දරුපල අහිමි වීමට හේතුවක් විය හැකිය.

lජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති – දැරණියගල

කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division