අගෝස්තු 05 සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයක් වන Flat නොවන ෆ්ලැට් ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතය. මෙය මවෝ ලක්ෂිත කරුණාතිලකගේ අධ්‍යක්ෂණයකි. මෙහි තිර රචනය චාලක රණසූරියගෙනි.
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, වොල්ගා කල්පනී, සරත් කොතලාවල, ජයනි සේනානායක, මාදනී මල්වත්තගේ, සුබුද්ධි ලක්මාලි, එස්.අයි. සමරක්කොඩි සහ තිලාන් වර්ණජිත් යන රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායකත්වය දක්වයි.
අගනුවර තට්ටු නිවාසයක සහ ඒ අවට ජීවත් වන මිනිසුන් සමූහයක් වටා ගෙතුන කාලීන කතාවකි. කතාව ආරම්භය ගෝල්ෆේස් පිටියේ ආරම්භ වූ ජන අරගලයට සමගාමීවය. එකම තට්ටු නිවාසයෙන් අරගලය සඳහා යන තරුණයෙක් ද අරගලය මැඬපැවැත්වීමට එන පොලිස් නිලධාරියෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන අනේකවිධ ගැහැට කම්කටොලු අර්බුද අහිමිවීම් ප්‍රහසනාත්මකව, සංකීර්ණවත් දිගහැරීම මෙම කතාවේ සාරාංශය වේ.