Home » 2024 ස්වර්ණ පුස්තක නිර්දේශිත කෘති 05 ප්‍රකාශයට පත් කෙරේ

2024 ස්වර්ණ පුස්තක නිර්දේශිත කෘති 05 ප්‍රකාශයට පත් කෙරේ

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

2024 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ 2023 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් අවසන් අදියර සඳහා නිර්දේශිත කෘති 05 ප්‍රකාශයට පත් කරයි.

2023 වසරේ පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් නවකතා 12ක් දෙවැනි වටයට නිර්දේශ වී තිබූ අතර ඒවා අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති නවකතා ගණන පහකි. ඒ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘තිවංක කතාව’ ගොඩගේ සහ සහෝදරයෝ, මලික් තුසිත ගුණරත්න ලියූ ‘සිල්වර් ටිප්ස්’ සූරිය ප්‍රකාශකයෝ, විරාජනී තෙන්නකෝන් විසින් රචිත ‘කැමෙලියා’සරසවි ප්‍රකාශන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත ‘මැයි මාර ප්‍රසංගය’ සන්ථව ප්‍රකාශන, ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘කැළලිකාරයෝ ’විදර්ශන ප්‍රකාශන යන කෘතිය.

ස්වර්ණ පුස්තක සම්මාන උත්තරීත්තර විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය ජයන්ත අමරසිංහයන්ය. සෙසු සාමාජිකයන් වන්නේ තිලකරත්න කුරුවිටබණ්ඩාර, ගාමිණී වේරගම, හංසමාලා රිටිගහපොළ සහ ප්‍රදීප් යසරත්න ය.

2023 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොඳම නවකතා සඳහා මෙම ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කරන අතර උලෙළ 18 වැනි වරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සැප්තැම්බර් පළමු සතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායකවරු පවසති.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division