අපවත් වී වදාළ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ගල්බොඩ
ඥානිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන උත්සවය 05 වැනිදා සඳුදා පස්වරු 4.30ට පූර්ණ රාජ්ය ගෞරව සහිතව විහාරස්ථානය ආසන්න පරිශ්රයේදී සිදු කෙරේ. දේහය මහජන ගෞරවය පිණිස කොළඹ හුණුපිටිය ගංගාරාමයේ තැන්පත් කර ඇත.
අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ. කොළඹ නවම් මහ පෙරහර පවත්වමින් කොළඹ බෞද්ධ ප්රබෝධයට විශාල උන්නතියක් ඇති කළ උන් වහන්සේ කලක් අසනීපයෙන් පසුවූහ.
කොළඹ නගරයේ සියලු ජාතීන් හා එක්ව සමඟියෙන් දිවිගෙවීමේ අගය වටහා දෙන්නට උන් වහන්සේ කටයුතු කළහ. විශේෂයෙන්ම නවම් පෙරහරට බෞද්ධ මෙන්ම සෙසු ආගමිකයන්ගේද සහාය උන් වහන්සේට ලැබුණේ ඒ ආගමික සහජීවනය නිසාය.