Home » ව්‍යවස්ථාව අනුව කටයුතු සිදු විය යුතුයි

ව්‍යවස්ථාව අනුව කටයුතු සිදු විය යුතුයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

‘‘ජනාධිපතිවරයා ඇතුළු රජයේ වගකීමක් වන්නේ වැඩ බලන පොලිස්පතිවරයකු අනිවාර්යයෙන්ම පත් කිරීමයි. නමුත් ඒ කාර්යය සිදු වන බවක් නැහැ.

ජනාධිපති අපේක්ෂකයකු නිසා තමාට එය කළ නොහැකි බව ජනාධිපතිවරයාත් පවසනවා. කථානායකවරයයි, අගවිනිසුරුවරයායි කතා කරල විසඳගන්න නීතියක් කොහේවත් නැහැ. එයින් ‍මේ ප්‍රශ්නය තවත් අවුල් වෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් (පරිපාලන) තනතුරේ කටයුතු සිදු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කර ඇති බැවින් ඒ ආකාරයට වැඩබලන පොලිස්පත්වරයකුත් පත් කිරීම කළ යුතුයි. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ කොමසාරිස්වරයා අසනීප වූ අවස්ථාවේ සබරගමු පළාතේ සිටි පළාත් ප්‍රධාන ලේකම් වැඩබලන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් කළා. ඒ ආකාරයෙන් මැතිවරණ අවස්ථාවක කටයුතු කළානම් පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු ගැටලුවක් නැහැ. ‘‘

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division