NDB බැංකුව ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් (SLSRFR) සමඟ ‘නිල බැංකු සහකරු’ ලෙස නැවත වතාවක් අත්වැල් බැඳගත් බවට සතුටින් නිවේදනය කර සිටියි. මෙම හවුල්කාරිත්වය පිළිබඳ NDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා සිය අදහස් දක්වමින්, ‘‘ ලංකා රග්බි පාපන්දු තීරක සංගමයට අපගේ සහයෝගය ලබාදීමට ලැබීම ගැන ඉතාමත් සතුටට පත්වනවා. එමෙන්ම NDB බැංකුවේ අපි තරුණ ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට සහ ක්රීඩාශීලිත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශ්වාසය තබනවා. මෙම හවුල්කාරිත්වය අපගේ ඉදිරි පරම්පරාවේ ක්රීඩාශීලීත්වය වර්ධනය කිරීම සහ ලංකාවේ රග්බි ක්රීඩාවේ දියුණුවට සහාය දැක්වීමේ අපගේ අභිලාෂයන් මනාව පිළිබිඹු කරයි“ පැවසීය.
NDB- ලංකා රග්බි විනිසුරු හවුල්කාරිත්වය අලුත් වේ
810
previous post