Home » Ex-Pack සමාගමට තෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය

Ex-Pack සමාගමට තෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් සහ ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව තෙවැනි වසරටත් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Center) මඟින් පිරිනැමෙන කාබන් ශූන්‍යකරණතා සහතිකය හිමිකර ගැනීමට සමත් විය. දේශගුණික විපර්යාස මැඬලීම වෙනුවෙන් සමාගම ගෙන යන තිරසර වැඩපිළිවෙළට ලැබුණු ගෞරව බුහුමනක් ලෙස මෙම සහතිකය හැඳින්විය හැකිය.

“අධික කාර්මික භාවිතාවන් සහිත කර්මාන්තයක නියැළී සිටින අපගේ ව්‍යාපාරය තෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගැනීම අපට විශාල සතුටක්. සමස්තයක් ලෙස පරිසරයටත්, සමාජයටත් මෙම කර්මාන්තය නිසා සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් අවම කිරීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් අපි දිගින් දිගටම කැපවුණු පසුබිමක මෙම සහතිකය අපට බෙහෙවින් වැදගත්. අපි ඉදිරියටත් විශේෂඥ දැනුම සහ තිරසර භාවිතාවන් සමඟින් කාබන් ශූන්‍යතා අරමුණ ජයගැනීමට කටයුතු කරනවා”, යනුවෙන් Ex- Pack සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division