Home » ශක්තිමාන් වෙතින් මෙරටට කෘෂි යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක්

ශක්තිමාන් වෙතින් මෙරටට කෘෂි යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක්

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලොව අංක එකේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයකු වන ශක්තිමාන් අත දෙන්නට සූදානම් වේ.

Shaktiman නිෂ්පාදන අලෙවියෙන් 67% ක් යුරෝපය, ලතින් අමෙරිකාව සහ උතුරු අමෙරිකානු කලාපයට සිදු වේ. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති – ජාත්‍යන්තර ව්‍යාපාර, ශෂාක් වටනේ මහතා පැවසුවේ යන්ත්‍ර අලෙවි කිරීම වෙනුවට වඩා හොඳ, පුළුල් විසඳුමක් දැරිය හැකි මිලකට ලබා දීම තුළින් ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සිය අරමුණ බවයි. ශක්තිමාන් උපකරණ, බීජ පාත්ති සැකසීමේ සිට විශාල නිෂ්පාදන Rotary Tillers” Flail Mowers” power harrows” Finishing Mowers වලින් සහ ස්වයංක්‍රීයව ඉසින යන්ත්‍ර, වී ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර සහ උක් අස්වනු නෙළන යන්ත්‍ර වැනි අධි තාක්ෂණික උපකරණ දක්වා විහිදේ. ශක්තිමාන් ශ්‍රී ලංකා කළමනාකරු ගජබා ද සිල්වා මහතා පැවසුවේ කෘෂිකාර්මික යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division