යුනියන් ඇෂුවරන්ස් HOPE ක්‍රියාන්විතයේ තවත් සාර්ථක වැඩසටහනක් වැල්ලවාය ඇතිලිවැව මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඇතිලිවැව මහා විද්‍යාලය, වෙහෙරයාය මහා විද්‍යාලය සහ බලහරුව ප්‍රාථමික විද්‍යාලය ඇතුළු පාසල් තුනක සිසුවියන් 800කට අධික පිරිසකට මාස හයක සනීපාරක්ෂක තුවා සපයමින් අත්‍යවශ්‍ය ආධාර ලබා දෙන ලදී.
එමෙන්ම පාසල් ජයග්‍රහණ පිළිබඳ විශේෂ අගැයීමක් ලෙස යූනියන් ඇෂුවරන්ස් සමාගම 2024 ජාතික ක්‍රීඩා උලෙළේදී විශිෂ්ට දස්කම් දැක්වූ ඇතිලිවැව මහා විද්‍යාලයේ සිසුන් 50 දෙනකුට තිළිණ ප්රදානය කිරීම ද විශේෂත්වයකි. මේ පිළිබඳ යුනියන් ඇෂූවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී ඉම්ටියාස් අනීෆ් පැවසුවේ,” අපගේ HOPE ක්‍රියාන්විතයෙන් තාරුණ්‍යය සඳහා මං පෙත් විවර කරමින් වර්ධනය සහ සංවර්ධනය පෝෂණය කරන අත්‍යවශ්‍ය සම්පත් සැපයීම අපේ උත්සාහයයි…” යනුවෙනි.