මෙම බුද්ධෝපස්ථාන පින්කම ඉතාම ශ්‍රද්ධාවෙන් සිදු කරන්න
ඔබේ ජීවිතයට පුදුමාකාර සැනසීමක් ආශීර්වාදයක් ලැබෙන පින්කමක්
සෑම පුර පසළොස්වක පෝය දිනවල සිදුකිරීම ඉතාම සුදුසුයි
දළදා මාලිගාව මුල්කරගෙන ස්වර්ණමාලි චෛත්‍ය රාජාණන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ, සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ මහියංගණය ඇතුළු බොහෝ පූජනීය ස්ථානයන්හිදී උදෑසන – දිවා සහ සන්ධ්‍යාවන්හිදී ජීවමාන බුදුරජාණන් වහන්සේටම කරනු ලබන උපස්ථානයන් සේ කල්පනා කරමින්.
මෙම උතුම් බුද්ධ උපස්ථානය ඉමහත් ශ්‍රද්ධාවෙන් සහ පේවීමෙන් යුතුව සිදුකරනු ලබයි. ඒ සිදුකරනු ලබන බුද්ධෝපස්ථාන පින්කම්වල අපරිමිත ගුණ බලය සහ ඒ කුසල් අනුමෝදන් වනු ලබන ආශ්චර්‍යවත් දිව්‍යරාජ සමූහයාගේ අපමණ ආශීර්වාද බලයෙන් කුමන කරදර පීඩා පැමිණිය ද මේ ලංකා භූමිය සුරක්ෂිතව පවතී.
මහනුවර යුගයට අයත් පුරාණ ටැම්පිට විහාරයන් 450කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා විසිර පවතී ඉතා අනුහස් සහිත නැකැත් වේලාවන් යොදාගෙන එම ටැම්පිට විහාරවල බුදුපිළිම වහන්සේලාගේ නේත්‍රා පිහිටුවා ඇති අතර ශ්‍රී විෂ්ණු දිව්‍ය ප්‍රතිමා ආදියෙහි නේත්‍රා පිහිටුවා ඇත්තේ ඉන්ද්‍ර-ගුරුළු-යමකාල ආදී බලවත් නැකත් යොදා ගැනීමෙනි නමුත් මෙම ඓතිහාසික ටැම්පිට විහාර බොහොමයක් ජරා ජීර්ණව අපිරිසිදුව ඇති අතර කිසිදු වතාවතක් නියමාකාරයෙන් සිදු නොවී මල්පරවී පිළුණු වූ බුද්ධ පූජා ආදියෙන් අපිරිසිදුව පවතින බව නොරහසකි. එම විහාරයන්හි සහ දායක ගම්මානද බොහෝ සේ පිරිහී ඇති අතර එම ස්ථානවල අපමණ අර්බුද සේම දායක ගම්මානයන්හි විවිධ වසංගත රෝග පීඩා සහ අසමගිතා පැතිර පවතී ඓතිහාසික අප කොළඹගම රාජමහා විහාරයේ වැඩසිටින කුටියේ දොර වසා තබා තේවාව නතර කළහොත් මුළු රටම අර්බුදකාරි දේ තුළින් පරිහානියට පත් කළ හැකි බව අපගේ පුරාණ සංඝ පරම්පරාවේ යතිවරයාණන් වහන්සේලාගේ අදහසයි. අදටත් මුළු ජීවිතය පුරා පරපුරින් පරපුරට මෙම තේවා විධි පවත්වාගෙන යන අතර සෙනසුරාදා සහ බදාදා දින සන්ධ්‍යාවේ තේවාව බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබේ.
බුද්ධ උපස්ථාන තේවාව ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද හිමියන් කල හා සමානවම සිදුකළ මහා යතිවරයාණන් වහන්සේ මහෝසුමේධ ස්වාමීන් වහන්සේයි.
එම බුද්ධ උපස්ථාන පින් බලය කොපමණද කිවහොත් පිළිකා රෝගය නිසා වසර දෙකක් පමණවත් ජීවත් විය නොහැකියි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබියදී වසර 20කට අධික කාලයක් සියලු රෝග පීඩා මැඬගෙන උන්වහන්සේ වැඩ වාසය කළ බව ශ්‍රී ලංකා වාසී සැවොම දන්නා කරුණකි මෙම අසිරිමත් බුද්ධ උපස්ථානය අඩුම තරමින් සෑම පුර පසළොස්වක පොහෝ දිනයන්හීදීවත් සැම විහාරයකදීම මෙන්ම තම නිෙවසේ දී හැකි පමණින් සිදුකර ගැනීම තුළ සම්බුදු බලයෙන් මෙන්ම කුසල් ලබන අානුභාව සම්පන්න දිව්‍ය බලයෙන් පුදුමාකාර ශක්තියක් සැනසීමක් උදාවන අතර පහත් පෙළේ සියලු බලවේගයන් විනාශ වී ඔබගේ ස්ථාන, විහාර සහ තේවාව සිදුකරන භූමිය සෞභාග්‍යවත් වන අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසාම සේ සිදුකළ උපස්ථාන පින් බලෙන් සසර අපමණ සැප ලැබෙනු ඇත. සෑම පසළොස්වක පොහෝ දිනකම උදෑසන මෙම තේවා මුරය සිදු කරගන්න. තුන් වේලාවම මෙම උපස්ථානය සිදුකර ගැනීම අපහසු බැවින් එසේ සදහන් කළෙමි.
අවශ්‍ය පූජා ද්‍රව්‍ය
දැහැටිකූරක්
මුඛ දෝවනයට පැන් බඳුනක්
කුඩා සීනුවක්
උණු පැන් බඳුනක්
සිසිල් පැන් බඳුනක්
පවන් සැලීමට විජිනිපතක් (වටාපතක්)
ඉඳුල් කඩයක් (ලේන්සුවක්)
විහාර මන්දිරයක කරන තේවාවකදී තුන් සිවුරු ගිහි නිෙවසක එවැනි තුන් සිවුරු සකස් කර ගැනීම අපහසුය. ඉන්පසු ඉතා ශ්‍රද්ධාවෙන් සහ බුද්ධ ගෞරවයෙන් මෙම තේවාව සිදුකර අනතුරුව කරණීයමෙත්ත සූත්‍රය කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් ප්‍රධාන දේව මණ්ඩලයට පින්දී, අවසන් කරන්න.
(2) බුද්ධ ගෞරවයෙන් ආරාධනා කරන ගාථා.
1 යෙධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ,
තෙසඤ්ච යො නිරොධො එවං වාදී මහා සමණො.
2 තිට්ඨන්තෙ තිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං,
චෙතො පණිධි හෙතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
3 යාවතා භගවා ලොකෙ තිඨෙය්‍ය තව සාසනං,
තාව ඨත්වාන ගණ්හාතු පූජං ලොකානුකම්පයා.
(3) තේවා විධිය
දැහැටි හා මුඛ ධොවනයට පැන් පූජා කිරීම.
ආරාධනා කළ ඉක්බිති දැහැටි සහ පැන් ගෙන චෛත්‍යය හෝ ප්‍රතිමාව හෝ ඉදිරියෙහි ආධාරකයක තබා මේ ගථාව කිය යුතුයි.
4 නාගලතා දන්තකට්ඨමනොතත්තොදකං යථා, පතිගණභාතු භගවා දන්ත පොනොදකං ඉමං.
•ඝණ්ටාර (මිණි) පුජා කිරීම.
දැහැටි කිස නිමවූ පසු ඝණ්ටාරය වරක් නාද කරවා ආහාර පූජාකරණ වේලාව බව හැඟවිය යුතුයි. ඝණ්ටාර නාදය හා සමගම අන්‍යවු තූර්යයෝ ද පැවැත්වීම යෙහෙකි
5 ඝණ්ටාර වානුකාරෙන සරෙන මධුරෙනයෙ, යං ධම්මං දෙසයී සත්ථා තස්ස ඝණ්ටාය පුජයෙ.
•ආහාර පූජා කිරීම
ඝණ්ටාර නාද පූජාවෙන් පසු පළමු කොට දක්ෂිණෝ දකය පිළිගන්වා ඒ ඒ ආහාර වර්ග ආධාරකයක තබා ඒ ඒ දෙයට නියම ගාථා කියමින් ආහාර පූජා කටයුතුයි.
•ශ්‍රී හස්තයට දක්ෂිණෝදකය පිළිගැන්වීම
6. අනන්ත ඤාණො විමලො දක්ඛිණෙය්‍යො ගුණාකාරො, පතිගණ්හාතු භගවා දක්ඛිණොදකමුත්තමං.
•කැඳ පූජා කිරීම
7 අධිවාසෙතු නො භන්තෙ තරලං පරිකප්පිතං,
අනුකප්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං.
•ආහාර වර්ග පූජා කිරීම
8 අධිවාසෙතු නො භන්තෙ භොජනං පරිකප්පිතං,
අනුකප්පං උපාදාය පතිගණ්හාතුමුත්තමං.
•ව්‍යඤ්ජන පූජා කිරීම
9. අධිවාසෙතු නො භන්තෙ ව්‍යඤ්ජනං පරිකප්පිතං,
අනුකප්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං.
•කිරි ආහාර පුජා කිරීම
10 අධිවාසෙතු නොභන්තෙ පායාසං පරිකප්පිතං,
අනුකප්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං,
11 අධිවාසෙතු නො භන්තෙ ඛජ්ජකං පරිකප්පිතං
අනුකප්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං.
•වළඳට පැන් පූජා කිරීම.
12 සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං ඉමං,
පානීයමෙතං භගවා පතිගණ්හාතු නායකො,
•ශ්‍රී හස්ත ධොවනයට පැන් පූජා කිරීම.
කෙණ්ඩියකින් පැගෙන
අන්‍ය භාජනයකට වත්කරමින් මේ ගථාව කිය යුතුයි.
13 මුදුච තලුනෙ නාථ ජාල චිත්තෙ සුලක්‌ඛණෙ,
සභාව පරි සුද්ධෙතෙ සොධෙතු කරපල්ලවේ.
•වළඳන්ට ආරාධනා කිරීම.
14. නිවෙදයාමි සම්බුද්ධං චීතරාගං මහාමුනිං,
නිමන්‍තයාමි සුගතං ලොකජෙට්ඨං නරාසහං
මෙසේ ආහාර පුජා කර නැවත දන් වළදන කාලය සලකා ඝණ්ටාරය දෙවරක් නාද කරවීම ද තූර්ය නාද පැවැත්වීම ද කට යුතුයි. මේ කාලය තුළ විජිනිපතින් හෝ චාමරයෙන් හෝ පවන් සැලීම කටයුතු.
•ඝණ්ටාර පූජාව
ඝණ්ටාරවානුකාරෙන – පෙ- තස්ස ඝණ්ටාය පූජයෙ
විජිනිපත් පවන් සැලීමට.
15 වන්දනා මාන සක්කාර භාජනං සක්‍යපුංගවං,
මනුඤ්ඤ පවනග්ගාහි වීජනෙන ච පූජයෙ
•චාමර පවන් පූජා කිරීමට
16 තිලොක තිලකං බුද්ධං සිද්ධං සුද්ධ ගුණාකරං,
මහාර හෙන සුගතං පූජයෙ චාමරෙනහං.
•ශ්‍රී හස්තයෙහි ඉඳුල් ධොවනයට – නැවත පැවැඩීම.
මුදුචතලුනෙ නාථ-පෙ-සොධෙතු කර පල්ලවේ.
•ඉඳුල් කඩ පූජා කිරීම.
ධාවන්තා සරදබ්භාව උපරූප පරින්දුනො විසුද්ධාවාස සාතුය්හං කරොමිමුඛ පුඤ්ජනං
•දැහැත් පූජා කිරීමට.
17 නාගවල්ලි දලුපෙතං චුණ්න පූග සමායුතං,
තාම්බූලං පතිගණ්හාතු *සකප්පූරමිදංජිනො.
නැවතද තුන්වාරයක් ඝණ්ටාර නාද පැවැත්වීම, තූර්ය නාද පැවැත්වීමාදියෙන් ආහාර පූජාව අවසන් වූ බව හඟවා සමාධි සැපයෙන් වැඩ හිඳීමට ආසන පූජා කටයුතුයි.
•ආසන පූජා කිරීමට
18 නානා මණි සුවණ්ණහි ඛචිතං චාරු භාසුරං,
මහා රහමිදං සාධු ආසනං දේමි සත්ථුනො.
විවේකව වැඩහිඳින කාලය තුළ ද විජිනිපතින්
හෝ චාමර යෙන් පවන් සැලීම කටයුතුයි.
යථොක්ත ක්‍රමයෙන් උදය වරුවේ බුද්ධෝපස්ථානය කොට පසුව සුවඳ දුම් මල් පහන් ගෙන පූජා කටුයුතුයි. සුවඳ සඳුන් මල් අස්නෙහි ආලේප කොට සුවඳ දුම් දී මල් පුජා කරන ගාථා.
•සුවඳ සඳුන් පූජා කිරීම.
සඳුන් සුණු ගෙන මල් අස්නෙහි අලේප කරමින් මේ ගාථාව කිය යුතුයි.
19 සුගන්ධිකාය වදනමනන්ත ගුණ ගන්ධිනා,
සුගන්ධිනා හං ගන්ධෙන පූජයාමි තථාගතං.
•සුවඳ දුම් පූජා කිරීම
20 ගන්ධ සම්භාර යුත්තෙන ධුපෙනා හං සුගන්ධිනා,
පූජයෙ පූජනීයන්තං පූජා භාජනමුත්තමං
•මල් පුජා කිරිම
පියුම් උපුල් හෙල්මැලි ඉද්ද සමන් පිච්ච මල් පූජා කරන කල මෙය කිය යුතුයි.
21 පටිච්ච භගවා නාථ පුප්ඵජලිමිදං මම,
පදුමුප්පල කල්හාර වස්සිකී සුමනාදිකං.
•වෙනත් මල් පූජා කරන කල කියන ගාථාව.
22 වණ්ණ ගන්ධ ගුණුපෙතං එතං කුසුම සන්තතිං, පූජයාමී මුනින්දස්ස සිරීපාද සරොරු හේ
මීට පසු නව අරහාදී බුදුගුණ කියා නමස්කාර කට යුතුයි
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
සිළුමිණ “ඉසිවර” පාඨක පින්වත් ඔබ වෙත මෙම අසිරිමත් වස්සාන කාලයේදී මෙලොව පරලොව දෙලොවටම සෙත සහ රැකවරණය සැලසෙන උතුම් “බුද්ධෝපස්ථාන” පින්කම පිළිබඳව මාධ්‍යයකින් ප්‍රථම වරට පළ කරනු ලබන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමි.