ගෝලීය දේශපාලන වපසරියේ පශ්චාත් සීතල යුද්ධ සමයෙන් පසු ඇති වූ මහා පෙරළිය කොයියම් ආකාර පැතිකඩක් ඔස්සේ විග්‍රහ කළද අවසන් නිගමනය වන්නේ, ලෝකය දිනෙන් දිනම මහා ව්‍යසනකාරී මාවතකට ඇදී යන බවයි.
සීතල යුද්ධ වකවානුවෙන් පසු ලෝක රාජ්‍ය කිසියම් ආකාර බලතුලනයක පවත්වා ගත් අතර, දිගුකාලීන සාමයක් (Long term peace) පවත්වා ගනු ලැබීය. නමුත් පසුගිය දශකයන් දෙක තුළ මැදපෙරදිග කලාපයේ බොහෝ රාජ්‍යයන් සන්නද්ධ ගැටුම්වලට තෝතැන්නක් වූ බව පැවසුවා නම් එය නිවැරදිය. රාජ්‍යයන් මෙන්ම රාජ්‍යයන් නොවන පාත්‍රවර්ගයන් ද ස්වකීය ජාතික අභිලාෂයක් අරඹයා නොයෙක් නොයෙක් ආකාරයෙන් සටන් වැදීමට පටන් ගෙන ඇත. ඇත්ත වශයෙන් ම මේ වන විට මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමකින් පවා සමථයකට පත්කර ගත නොහැකි මාවතකට පිවිස ඇත. පසුගිය සතියේ ඉරානයේ ටෙහෙරාන් නුවරදී ඝාතනයට ලක් වූ හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිලි හනෙයියාහ් ද මැදපෙරදිග ගැටුම් ප්‍රවාහයේ අහිතකර ප්‍රතිවිපාකයක සළකුණකි. කිසිදා යුද ගිනි නොනිවෙන කලාපයක් බවට පත්ව ඇති මැදපෙරදිග කලාපය, ඔවුනට හිමි ඓතිහාසික ශිෂ්ටාචාරගත වටිනාකම්, දේශපාලන සංස්කෘතීන් අගයන් අතර මහා සමාජීය, ආර්ථික කැලඹිලිසහගත පරිසරයක ජීවත් වනු ලැබේ. ළමා අයිතීන්, කාන්තා අයිතීන් ඉතා භයානක ආකාරයෙන් උල්ලංඝනය වීම මෙම මිලේච්ඡ යුද වතාවරණයේ ප්‍රකාශිත නරකම සංසිද්ධියකි. ඉස්ලාම් ෂියා හා සුන්නි ආගම පදනම් කර ගනිමින් කලාපීය ඇතැම් රටවල මැදපෙරදිග ශක්තිමත්ම රාජ්‍ය තමන් යැයි ලොවටම පෙන්වා දීමට දරන වෑයම හමුවේ මෙම රටවල් තුළින් නැඟීගෙන එන ඉස්ලාමීය විමුක්ති කණ්ඩායම් පෙනී සිටින්නේ ඔවුන් ස්වකීය රාජ්‍යයන්ගේ අනන්‍යතාව හා සුරක්ෂිතභාවයේ කැඩපත ලෙසයි. ගාසා තීරයේ පාලනය ගෙන යනු ලබන හමාස් සංවිධානය ද මෙම ප්‍රතිරූපයේ තවත් එක් නියෝජනයකි.
හමාස් සංවිධානයේ ප්‍රභාවය?
හමාස් සංවිධානය ප්‍රභවය වූයේ 1987 දී ඇති වූ ඉස්ලාමීය පුනරුදයත් සමඟිනි. මොවුන් ගාසා තීරයේ පාලනය ගෙන යන අතර, ඊශ්‍රායලයට එරෙහිව සංවිධානය වූ හමාස් ඉතා ප්‍රබල සන්නද්ධ කණ්ඩායමකි. දශක දෙකක පමණ කාලයක සිට ගාසා තීරයේ පාලනය ගෙන යනු ලබන්නේ හමාස් සංවිධානයයි. ඉස්ලාමීය හමුදා සංවිධානයක් වන මොවුන් තමන් පලස්තීන නියෝජනය ලෙස සලකනු ලැබේ. ඇත්ත වශයෙන්ම හමාස් සංවිධානයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ ඊශ්‍රායලය නම් දේශය, පිළි නොගැනීමත්, ඊශ්‍රායල භූමියේ ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීමත්ය. 2007 වසරේ පටන්ම හමාස් සංවිධානය ගාසාහි පාලනය ගෙන ගිය අතර, 2014 දී ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරනු ලැබීය. 2023 ඔක්තෝබර් විසිතුන් වෙනිදා පලස්තීනුවන් විසින් ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ලැබූ අතර, එතැන් පටන් ඊශ්‍රායල්-හමාස් යුද්ධය ඇරඹුණි. එතැන් පටන් ඊශ්‍රායල-හමාස් ගැටුම ඉතා දරුණු වූ අතර, 2024 අප්‍රේල් වන විට ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා වැසියන් 34000ක් පමණ මරණයට පත්විය. ගාසා තීරයේ සිදුවන මෙම විනාශයේ මූලාරම්භය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන කාලය තෙක් දිවයන අතර, 1948 දී බ්‍රිතාන්‍යය විසින් නිකුත් කළ හා ක්‍රියාවට නැංවූ බැල්ෆිර් ප්‍රකාශනය (Balfour declaration) ක් සමඟයි. එනම්, පලස්තීන භූමියේ, ඊශ්‍රායල යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමයි. 1948 දී පටන් අද වන තෙක්ම විවිධ ස්වරූපයෙන් ඉදිරියට ඇදී ඒ ගාසා තීරයේ යුද ගැටුම් ඒ ඓතිහාසික වැරදි තීන්දුන්වල නිශේධනාත්මක ප්‍රතිඵලයන්ය. ලොව අධිරාජ්‍යවාදී බලවතුන් ස්වකීය යටත්විජිතවලින් ඉවත් වූයේ ඒ ඒ රටවල් අභ්‍යන්තරයේ භයානක ගැටුම්වලට අවශ්‍ය වටපිටාව නිර්මාණ කරමිනි. විවිධත්වය මැදින් සාමකාමී සහජීවනය ඉදිරියට රැගෙන එමින් පැවති රටවල් මේ වන විට ඉතා සංකීර්ණ යුද ගැටුම්වල ග්‍රහණයට හසු වී හමාරය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය හමාස් දේශපාලන නායක ඉස්මයිලි ඝාතනයෙන් පසු ඇතිවිය හැකි ඊශ්‍රායලයට එරෙහි යුද තත්ත්වය සලකමින් ඉතා දරුණු අවි ආයුධ මැදපෙරදිග කලාපයේ සපයා අවසන්ය. ලොව 3 වන ලෝක යුද්ධයක් ඇතිවේ ද යන බියෙන් අද සමස්ත ලෝකයම ඇවිළෙමින් පවතී. එබැවින්, ගැටුමක මූලාරම්භය දෙසට නොගොස් කිසි දිනක එය විසඳීමට අපහසුය.
අභ්‍යන්තරික ගැටුම්, ජාත්‍යන්තරීකරණය වූ යුද ගැටුම් වූ විට එය කිසි සේත්ම විසඳීම අපහසුය. හමාස් සංවිධානය 1988 දී ඔවුන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කළ අතර, ඊශ්‍රායලය විනාශ කොට යුදෙව් ජාතිය මුළුනුපුටා දැමීම මෙමඟින් ප්‍රකාශයට පත්කොට තිබුණි. නමුත් නැවතත් 2017 දී හමාස් සංවිධානය ස්වකීය නව ප්‍රඥප්තියෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුයේ, යුදෙව් ජාතිය ඝාතනය අහෝසි කර ඇති බවයි. 1993 අප්‍රේල් පලස්තීන ලිබරල් සංවිධානය (Palestinian Liberation organization) හි නායක යසර් අර්පත් හා ඊශ්‍රායල අගමැති ඉර්ෂාක් රබීන් ඔස්ලෝ (OSLO) ප්‍රඥප්තියට අත්සන් තැබීමට පෙර හමාස් සංවිධානය මරාගෙන මැරෙන්නා වූ බෝම්බ පුපුරුවා ගැනීම (Suicide bombing) අත්හදා බැලීම ආරම්භ කරනු ලැබීය. ඔස්ලෝ එකඟතාවෙන් පසු පලස්තීන අධිකාරියට ස්වයංපාලන බලතල හිමිවිය (Self governing authority). නමුත් මෙම එකඟතාව හමාස් සංවිධානය පිළිනොගත් අතර, පලස්තීනය හා ඊශ්‍රායල යන දෙරටේ රාජ්‍ය නායකයින් මෙය පිළි ගෙන ක්‍රියා කළේය. හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ගාසා තීරය මුල් කොට ගනිමින් දිගින් දිගටම ගැටුම් පැවතිණි. මෙය රාජතාන්ත්‍රික මැදිහත් වීම ක්‍රියාත්මක කිරීමට ඉතාම දුෂ්කර කලාපයකි. එක් අතකින් ෂියා ඉස්ලාමීය ශක්තිමත් දේශයක් උදෙසා ඉරානයේ සහාය ලබන කණ්ඩායම් පෝෂණය වන අතර, යුද සහාය ලැබේ. මැදපෙරදිග ගැටුම් මේ වන විට අගක් මුලක් සොයා ගත් නොහැකි ඉතා සංකීර්ණ ගැටුම් බවට පරිවර්තනය වී ඇත.
ඉස්මයිලි ඝාතනය, හමාස් තවත් ශක්තිමත් කරයි ද?
හමාස් සන්නද්ධ අංශය මේ වන විටත් ප්‍රකාශ කොට ඇත්තේ, හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිලි ඝාතනය යුද්ධයේ ස්වරූපය වෙනත් මඟකට හැරවූ බවත්, එය ඊට අදාළ පුද්ගලයන්ට ප්‍රතිවිපාක දෙන්නා වූ භයානක තත්ත්වයක් ද ලෙසයි. ගාසා තීරයේ සටන් විරාමයක් සක්‍රියව පවතින අවදියක සිදු වූ මේ මහා ඛේදවාචකය, ඝාතනය සම්බන්ධයෙන් ඉරානය, ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹී ඇත. ඉරාන භූමියේම, තමාගේ විශේෂිත අමුත්තකු ඝාතනයට ලක්වීම එක් අතකින් ඉරානයට මහත් අගෞරවයෙකි. අනෙක් අතින් එය ඉරානය කලාපීය ගැටුමකට ඈදා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමේ උපායමාර්ගික සැලසුමක් ද විය හැකිය. ඉරානය මේ වන විටත් දින 3ක ශෝකී කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයට සහාය දෙන බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය ද මෙහි වගකීම භාරගත යුතු බව ඉරානය පවසා ඇත. එමෙන්ම තුර්කියේ පලස්තීන පක්ෂපාති කොටස් වීථි බැස ඇති අතර, ඉස්තානාබුල් නගරයට රැස්ව ඉස්මයිලි ඝාතනයට විරුද්ධව පෙළපාළි ආරම්භ කොට ඇත. මේ අතරම එක්සත් ජනපද ධවල මන්දිරයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, John Kirby මෙම සිදුවීම මෙවැනි දෙයක් සිදු වූ ආසන්නතම හා නොවැළැක්විය හැකි අවස්ථාව මෙය නොවන අතර, නමුත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වගබලාගත යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 2024 ජූනි මස දී ගාසා තීරයේ සටන් විරාම යෝජනාවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහායෙන් අනුමත කළ අතර, රුසියාව මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකිණි. ඇත්ත වශයෙන් ම ගාසා තීරයේ උද්ගත වී ඇති සංකීර්ණ, භයානක අර්බුදය හමුවේ මෙවැනි සටන් විරාම යෝජනාවක් සම්මත වීම දුර්ලභ රාජතාන්ත්‍රික ජයග්‍රහණයකි. ජෝ බයිඩින් පරිපාලනය මේ සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් පැසසුමට ලක්විය. මෙම සටන් විරාම ගිවිසුම් ප්‍රකාරව ඊශ්‍රායලය බලඇණි ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත්විය යුතු අතර, හමාස් සංවිධානය ඔවුන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, කාන්තාවන්, ළමුන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යාමට අවස්ථාව දිය යුතුව තිබුණි. ගාසා තීරය මානුෂීය ආධාර සඳහා විවෘත කළ යුතු අතර, සති 6ක කාලයක දී මේ සටන් විරාම ගිවිසුම ක්‍රියාවට නංවීමට ඝාතනයට ලක් වූ හමාස් දේශපාලන ප්‍රධාන ඉස්මයිලි ද කැමැත්ත පළ කර තිබූ බව වාර්තා වේ. එබැවින්, මෙම ඝාතනය තුළින් ඒ සියලු ක්‍රියාදාමයන් උඩුයටිකුරු වූවා දැයි රාජතාන්ත්‍රික විශේෂඥයන් මහත් විමසිල්ලෙන් බලා සිටී. මේ වන විටත් අමෙරිකා එක්සත් ජනපදය යුද නැව්, මිසයිල රැගත් නැව් මැදපෙරදිග කලාපයට යැවීම තුළ ගාසා තීරය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම නැවත ලේවිලක් කරයිද? ලොව සෙසු රටවල් ද, ඉස්ලාමීය රාජ්‍යයන් ද යම් ආකාරයකින් සන්නද්ධ අරගලයකට එක්වුවහොත් මානව වර්ගයා 2 වන ලෝක යුද්ධයේ දී මුහුණ දුන් අතිභයංකර ලෝක තත්ත්වයම නිර්මාණය වෙයිද? මෙය වහ වහා නතර කළ යුතු බවම පමණක් අප අවධාරණය කළ යුතුය. සමස්ත ලෝක ආර්ථිකයම, සමාජයීය වටපිටාව ද දෙදරා යාමක් මිස යුද්ධය කිසිදු සාධරණීය විකල්පයක් නම් අත්පත් කොට දී නැත. මැදපෙරදිග කලාපයේ බිඳ වැටීම බටහිර ආසියාව ඇතුළු ලෝකයේ සෙසු කලාපවලට ද ඉතා දැඩි ආර්ථික සාමාජීය බලපෑමක් එල්ල කරනු ලබන බව නම් නොඅනුමානය.
පී. ආර්. දුෂාන්ති සිල්වා