Home » රාජ්‍ය සාහිත්‍ය දේශනය අගෝස්තු 15 දා

රාජ්‍ය සාහිත්‍ය දේශනය අගෝස්තු 15 දා

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය දේශනය කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අගෝස්තු 15 දා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. ‘විසිවන සියවසේ සිංහල නවකතා අවකාශය සිතියම්ගත කරමු‘ යන මැයෙන් මෙවර රාජ්‍ය සාහිත්‍ය දේශනය පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී රංජිත් පෙරේරා විසිනි. මේ උලෙළේ මූලාසනය දරනු ලබන්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසිනි.

සාහිත්‍ය දේශනයෙන් අනතුරුව ගී රස වින්දන ප්‍රාසාංගික ගී රස විමසුමක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රවීණ ගේය පද රචකයන් වන මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර හා සාහිත්‍යවේදී ප්‍රේම් රංජිත් විජේවික්‍රම සහභාගීවීමට නියමිතය.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මේ උලෙළ සංවිධාන කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division