Home » නිවැසියන් ලෙඩ කරන ප්‍රේත දෝෂවලින් ගැලවෙන පිළිවෙත්

නිවැසියන් ලෙඩ කරන ප්‍රේත දෝෂවලින් ගැලවෙන පිළිවෙත්

by sachintha
August 10, 2024 12:30 am 0 comment

නිවස ඇතුළත අපිරිසුදු නම් ප්‍රේතයන්ටම අඬගහනවා වාගේ

තුන් සූත්‍රය හඬ නඟා කියන්න

සුවඳ දුම් අල්ලා නිවස නිතර සුවඳවත් කරන්න

ඔබත් මාත් පියවි ඇසින් දකින පෘථිවිය සහ මෙහි වෙසෙන මිනිසුන් ඇතුළු ජීවී කොට්ඨාසවලට වඩා අපට නොපෙනෙන තවත් බොහෝ ජීවී කොට්ඨාස ඇති බව බොහෝ ආගම්වල ඇති ඉගැන්වීම් අනුව පැහැදිළි වේ. මෙම පෘථිවි තලය තුළ වුවද අපට පෙනෙන විවිධ ජීවී කොට්ඨාස සිටින අතර ඔවුන් “ක්ෂුද්‍ර ජීවීන්” යනුවෙන් හැඳින්වේ. ආගමානුකූලව මෙම ජීවින්ට අමනුෂ්‍ය කොටස් යන නම භාවිතා කරන අතර මිනිසාට යහපත සලසන අමනුෂ්‍ය කොටස් මෙන්ම මිනිසාට විවිධ අයහපත් දේ සිදු කරන කරන අමනුෂ්‍ය කොටස්ද සිටිති.

යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ වැනි නම් වලින් හඳුන්වන විවිධ කොටස් මිනිසුන් විවිධ විපත් සිදු කරන බවද පිළිගැනේ. ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවෙන් එකක් වන පේත වත්ථුවේ ප්‍රේතයන් වර්ග හතරක් ගැන සඳහන් වේ. එහි ගිජ්ක්ධාම තන්හිතා යනුවෙන් හඳුන්වන ප්‍රේත කොටසක් ගැන දැක්වෙන අතර ඔවුන් මහත් කුසගින්නකින් හා ශරීරයේ ඇතුළතින් මහා ගිනි කන්දකින් දැවී දැවී සිටී. පංච මහා ගංගා එක දිය පහරක්ව ඔවුන්ගේ ගේ මුඛයට හැරෙව්වත් එක දිය බිඳක් වත් යා නොදී දැවී යයි. බුප්පි පාසිකා යනුවෙන් හැඳින්වෙන ප්‍රේතයන් සෙම, සොටු ආදී දෙයක් වත් කල්ප ගණනක් යනතුරු නොලැබී කුසගින්නේම සිටියි. පාංසු පිසාචිකා යන ප්‍රේත කොටස ඉඳුල් වතුර, කුණු කසළ ආදිය ඇති තැන්වල ආහාර සොයමින් සිටියි. පරදත්ථූප ජීවී යනුවෙන් හැඳින්වෙන ප්‍රේත කොටසට අනුන් දෙන පින් ලබාගෙන සැපවත් භාවයකට පිවිසීමේ හැකියාව ඇත. ප්‍රේත ලෝකය යනුවෙන් වෙනම ග්‍රහලෝකයක් නැති අතර එය අපේ ලෝකය තුළම පැවතියත් අපේ ඇසට නොපෙනේ. අපගේ මිය යන ඥාතීන් ප්‍රේත භවයේ උපත ලදහොත් නැවත අපගේ නිවසටම පැමිණ නිවස ආසන්නයේ වාසය කරන බව බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට දේශනා කළ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වේ.

මෙම ප්‍රේතයන්ට ක්‍රම දෙකකට නිවෙස් තුළට රිංගා ගෙන එහි නිවැසියන්ට විවිධ අයුරින් හානි සිදු කළ හැකිය. කිසියම් අයෙකු විසින් බන්ධනයක් කොට ප්‍රේතයෙකු නිවසට ගෙනැවිත් දැමීම ඉන් එක් ක්‍රමයකි. එබඳු ප්‍රේත දෝෂයක් පවතී නම් නිවසේ කෙනෙකු ඇවිදින හඬ, කහින හඬ, දොර ජනෙල් අරින වහන හඬ, වතුර කරාම අරින හඬ, වළං පිඟන් පෙරළෙන හඬ ආදිය ඇසීම, මීයන්, ගෙම්බන්, කැරපොත්තන් වැනි සතුන් නි‌ෙවසේ සිටීම, දුර්ගන්ධ පැවතීම, නි‌ෙවස තුළ එකිනෙකා අතර නුරුස්සනා ගති ඇති වීම, කතාබස් නොකිරීම, නිවසින් පිට වූ විට සියලු දෙනා සතුටින් සිටීම වැනි ලක්ෂණ පහළ වේ. ඒ හැරෙන්නට අහඹු ලෙස කිසියම් ප්‍රේතයෙකු ඔබගේ නිවසට පැමිණ ලැගුම්ගත හැකිය. එසේ වන්නේ ඊට සුදුසු පරිසරයක් නිවස තුළ තිබේ නම් පමණි.නිවසේ අහුමුලු අඳුරුව සහ අපිරිසිදුව තිබීම, ඉඳුල් ආහාර, ඉඳුල් පිඟන් තැන තැන තැබීම, ආහාර උයන භාජන අපිරිසිදුව ලිප අසල තැබීම, දවසේ වැඩි කාලයක් දොර ජනෙල් වසා තැබීම, නිවසේ කුණු කසළ තැන තැන ගොඩ ගසා තැබීම, නොසේදූ රෙදි ගොඩවල් තිබීම, නි‌ෙවසේ හෝ මිදුල පුරා රෙදි වැල් ගැට ගසා තිබීම, නි‍ෙවස අවට කෙළ ගැසීම, කුඩා දරුවන් මුත්‍රා කිරීම, වැසිකිළිය අපිරිසිදුව තැබීම, බල්ලන් බළලුන් ගේ පුරා ඇවිදීම ආදිය ඊට බලපාන කරුණු වේ.

මෙබඳු ප්‍රේත දෝෂ ඔබේ නිවස තුළ පවතී නම් ඒවා පහසුවෙන් ඉවත් කර ගැනීමටද පුළුවන.

ඒ සඳහා පළමුව නි‌ෙවස හොඳින් පිරිසිදු කර, කහ වතුර ඉසිය යුතුය. පිරිත් පැන් ඉසීම වඩාත් සුදුසුයි. තැන තැන ගොඩ ගැසී ඇති කුණු කසළ ආදිය ටික ටික නිවසින් ඈතට ගෙන ගොස් බැහැර කළ යුතුය.

අඳුරු අහුමුලුද ඇතුළුව නිවස පුරා සුවඳ දුම් අල්ලා දොර ජනෙල් හැකි තරම් වේලාවක් විවෘත කර තැබිය යුතුය.

ආහාර ගත් විගස ඉඳුල් භාජන සෝදා පිරිසිදු කිරීම, රෙදි වැල් හැකි තරම් අඩු කිරීම හා දිනපතා හඬනගා තුන් සූත්‍රය නිවසේ ශ්‍රවණය හා කීම මේ සඳහා ඉතාමත් සුදුසුය.

lජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති

– දැරණියගල

කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division