පේරු පළාත් 25 බෙදුණු ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවකි. ලෝකයේ ඇති පැරණිතම ශිෂ්ටාචාරය වන පේරුවියන් රාජ්‍ය නෝටේ චිකො (Norte Chico) ශිෂ්ටාචාරයට නෑකම් කියයි. 1821 වසරින් පසු පේරු රාජ්‍ය දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනයන් ද ඇති විය. මේ රට වර්තමානයේ ඉහළ මැදි ආදායම් ලබන රටකි. එහි ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 8500ක් වෙයි. ඒ රට ජනගහනය මිලියන 29ක් ඉක්මවා ඇති අතර බහුවාර්ගික රටකි. රාජ්‍ය භාෂාව වන්නේ ස්පාඤ්ඤයයයි. මෙරටේ සංස්කෘතිකාංග රැසක් වෙයි.
පේරු ලතින් අමෙරිකා රටක් වන අතර, ලතින් අමෙරිකාවේ අනෙක් රටවල් හා සමානවම 1980 දශකයේදී ණය අර්බුදයකට පත් වූ රටකි. ණය බර ඉහළ යාම හේතුකොට ගෙන එම රට දරුණු ආර්ථික අර්බුදයකට ලක් විය. ඒ රටේ ණය අර්බුදයෙන් පසු කෙසේද යළි රටේ ආර්ථිකය යථාවත් කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග කුමක්ද නැවත ඒ රට ඉදිරියට පැමිණියේ කෙසේද යන්න මෙහිදී වැදගත්ම වෙයි. වර්තමානය වනවිට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 8500 ක් පමණ වෙයි. ආර්ථික බිඳවැටීමෙන් පසු පේරු රට ගත් ක්‍රියාමාර්ග නිසා නැවත ආර්ථික අර්බුදයකට ලක්වීම වළක්වාගෙන, එම රටෙහි ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 ට අඩු මට්ටක සිට මේ තත්ත්වට මේ වන විට ගෙනවිත් ඇත.
මේ රට ණය අර්බුදයේදී කෙටිකාලීනව ආර්ථිකය කළමනාකරණය කිරීම, ඉන්පසුව ආර්ථිකය යළි නඟා සිටුවීමට සහ ආර්ථිකය යළි වේගවත්ව වර්ධනයකට ගෙන යෑම අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද යන කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හුඟ දෙනෙක් කල්පනා කරන මතය සහ සාමාන්‍ය ජනතාවත් අතර ගෙන යන මතය වන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය තුළින්ම අපිට පරණ ආර්ථිකයටම යළිත් යා හැකි බවයි. පරණ කරගෙන පැමිණි ක්‍රියාදාමය ඒ විදියටම කරගෙන අපිට පැරණි ආර්ථිකයට ගමන් කර ඉදිරියට යා හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ මතවාදය නිසා අපිට දක්නට ලැබෙන දෙයක් නම් කාලයක් මුළුල්ලේ ඉහළ උද්ධමනය ඇතිවිට උද්ධමනයට අදාළව ගත් ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් මුද්‍රණය කිරීම, නැත්නම් මුදල් සැපයීම වැඩි කිරීමට අදාළව චෝදනා එල්ල විය. ඉන්පසුව උද්ධමනය පාලනය කිරීමට රජය පියවර ගන්නා විට පොලී අනුපාත ඉහළ දැමීම සිදු විය. එහිදී ආර්ථිකය හැකිළීමකට ලක් කරන ලදී. ඉන්පසුව ඒ පියවරයන් මත දුප්පත්කම වැඩි විය. ආනයන සීමා වීම නිසා ඒ තුළ රැකියා අහිමි වීම වැනි තත්ත්වය ඇති විය. බදු වැඩිපුර ගෙවීමට සිදු වීම වැනි විශාල චෝදනා රැසක් සමාජගත විය. මෙරටේ ද මහ බැංකුව ස්වාධීන කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම සිදු කෙරුණේ ඇයිද යන්න සහ රජයේ බදු ඉහළ දැම්ම සිදු කළේ ඇයි ද යන කරුණ ගැන අවබෝධක් බොහෝදෙනෙකුට නොමැති බව පෙනෙයි. එසේම රජය ආනයන සීමා කිරීම් සිදු කිරීම විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගැනීම කරනු ලැබූයේ කුමක් නිසාද යන කරුණු සම්බන්ධයෙන් ද බොහෝ පිරිසකට අවබෝධයක් නොතිබිණි. මේ අවබෝධයක් නොමැති තත්ත්වයක් අදටත් පවතින නිසා මේ සම්බන්ධයෙන් බොහෝදෙනා අදටත් ප්‍රශ්න කිරීම සිදු කරයි. පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගිය නිසා ඔවුන්ගේ ව්‍යාපාර බිඳ වැටුණ බවට චෝදනා එල්ල කරයි.
විශේෂයෙන්ම මෙහිදී පේරු රට ආශ්‍රිතව උදාහරණ ලෙස ගත් විට පැහැදිලි වන මූලික කරුණ නම් දැඩි සාර්ව ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් 1991 සහ 1992 වසර දෙකක කාල සීමාවේදී දැඩි පියවර ගනු ලැබීමයි. ණය අර්බුදය තුළ මතු වූ ඉහළ උද්ධමනය, අනෙක් පසින් රජයේ ණය බර ඉහළ යෑම, රජයේ අය වැය හිඟය පුළුල් වීම යන කාරණා සමථයකට පත් කිරීමට පේරු රාජ්‍යයට පියවර රැසක් ගැනීමට සිදුවිය. එක් පැත්තකින් ගෙවුම් ශේෂයට අදාළව, අනෙක් පැත්තෙන් අය වැය හිඟයට අදාළව, ආර්ථික අස්ථායී වීමේ තත්ත්වයට අදාළව තත්ත්වයන් පාලනය කිරීමට දැඩි පියවර ගැනීමට සිදු විය. ලංකාවේ පොලී අනුපාතය ඉහළ දැමීමට සිදු වූයේ උද්ධමනය 70%කට පමණ වැඩිවී ඇති අවස්ථාවකය. එහිදී වෙනත් විකල්පයක් උද්ධමනය පහළ දැමීමට නොතිබිණි. ඒ තුළ උද්ධමනය ඉහළ මට්ටමක තිබුණොත් ඒ තුළ විශාල හානියක් රටේ ආර්ථිකයට ඇති විය හැකියි.
ඒ නිසා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීම සිදු කොට උද්ධමනය පහළට ගෙන ඒමට කටයුතු කරන ලදී. අනෙක් පැත්තෙන් බදු වැඩි නොකළහොත් අනිවාර්යයෙන්ම තවදුරටත් රජයට වෙළෙඳපොළ හරහා ණය ගැනීමට සිදු වෙයි. එහිදී අනිවාර්යයෙන් තවදුරටත් ණය බර වැඩි වීම සිදු වෙයි. මේ නිසා ඕනෑම රටක් මුල් කාලයේදී ආර්ථිකය අර්බුදයකට ගිය විට උද්ධමනය පාලනය කිරීමට පියවර ගනු ලබයි. ණය බර පාලනය කිරීමට, රජයේ ආදායම් තත්ත්වය වැඩි කිරීමට, ගෙවුම් ශේෂයට ඇති විය හැකි අහිතකර බලපෑම අවම කිරීමට මේ පියවරයන් අනිවාර්යෙන්ම අනුගමනය කරයි.
මේ ප්‍රතිපත්ති ප්‍රමාණය පේරු රටට අදාළව බැලුවහොත් මේ ක්‍රියාමාර්ගයන් 1990 සහ1992 කාලසීමාවේදී දැඩි ආකාරයට ක්‍රියාත්මක කරනු ලැබුණි. මහා බැංකුව පවා ස්වාධීන කරනු ලැබිණි. අනෙකුත් ක්‍රියාමාර්ග ද ගෙන ඇත. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා පියවර ගැනීම IMF එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ සිදු කෙරිණි. IMF මඟ පෙන්වීම යටතේ ස්ථායිකරණ පියවර රැසක් ගනු ලැබිණි. ණය අර්බුදයකට ගිය පසු ඒ අවස්ථාවේදී ආර්ථිකයේ ඇතිවෙන අස්ථායිතාව, මුදල් ඒකකය කඩාගෙන වැටීම, උද්ධමනය ඇති වීම, රජයේ ණය බර ඉහළ යෑම යන තත්ත්ව මුලින්ම දැඩි පාලනයකට ගැනීම සිදු කළ යුතුයි. එසේ දැඩි පියවර ගෙන පාලනය කිරීම ඉතාමත්ම වැදගත් වන්නේ පෙර තිබුණ ආර්ථිකය ඒ ලෙසම ළඟා කරගැනීම ආර්ථිකය අර්බුදයකට ගිය පසුව නැවත එම තත්ත්වයම පවත්වාගෙන යාම අසීරු වීම නිසාය. එහිදී රට ස්ථිර කරගැනීමට නොහැකි වෙයි. කෙටිකාලීනව දැඩි පියවර ගැනීම සිදු කළ යුතුයි. උද්ධමනය ශිඝ්රව වැඩි වී, රජයේ බර තවදුරටත් වැඩිවී ණය බර ඉහළ යෑම සිදු වෙයි. ඒවා අතිශය භයානක ප්‍රතිඵල වෙයි. ඒ නිසා ණය අර්බුදයට මුල් අවස්ථාවේදී ආර්ථික ස්ථායිකරණය ඇති කිරීමට දැඩි පියවර ගත යුතුයි. පසුගිය වසර දෙකක කාලසීමාව තුළ මෙරටේ ද දැඩි පියවර ගැනීමක් සිදු විය. දැඩි පියවර ගැනීම නිසා ආර්ථිකය තුළ අනිවාර්යයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ පහළ යෑමක් සිදු වෙයි. ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. ඒ අඩපණ වීම අත්‍යවශ්‍යයි. යම් ආකාරයකට පස්සට ගමන් කිරීමෙන් අනතුරුව ආර්ථිකය නැවත සැකසීමට ඉඩකඩ පවතී.
පේරු රාජ්‍යයේ ඒ හා සමානවම විශේෂයෙන්ම 1991-1992 කාලසීමාව තුළ ආර්ථිකය ඒක පුද්ගල ආදායමෙන් දළ දේශීය නිෂ්පාදිතය පැත්තෙන් ගතහොත් බිඳ වැටීමක් සිදුවී ඇත. 1991 -1992 සහ 1993 වර්ෂවල බැලූ විට ඒක පුද්ගල අදායම වර්ධනය සිදුවීමක් සිදුවී නැත. එහි ස්වරූපය එයයි. දැඩි ස්ථායිකරණ පියවර ගත් විට පොලී අනුපාත ඉහළ ගිය විට, බදු වැඩි වූ විට අනෙකුත් ක්‍රියා මාර්ග නිසා සාමාන්‍ය ආර්ථික කටයුතු හැකිළීමට පටන් ගනු ලබයි. ආර්ථික කටයුතු හැකිළුණ ද ආර්ථිකය ස්ථායිකරණය වෙයි. උදාහරණයක් ලෙස වාහනයක් නතර වූ විට ඒ වාහනේ ස්ථායීතාව වෙයි. පසුව සකස් කර වේගවත් කිරීමෙන් ස්ථායීතාවයට පත් කිරීමට හැකි වෙයි. ඒ පියවරයන් නිසා පේරු 1991 -1992 සහ 1993 කාල සීමාව තුළදී ආර්ථිකය යළි ගොඩනැඟීම ආරම්භ වෙයි. 1993 න් පසු පෙර පැවති ආර්ථික මට්ටමට ළඟා කර ගැනීමට හැකි විය. 1996 සහ 1997 ආසියානු මූල්‍ය අර්බුදය තුළ යම් බලපෑමක් පේරු රටට ඇති වුවත් පෙර පැවැති ආර්ථික තත්ත්වයට ගමන් කිරීමට හැකි විය. එය අපි තිරසාරව ආර්ථික යථාවත් වීමක් නමින් හඳුන්වනු ලබයි. මේ තිරසාරව ආර්ථිකය යථාවත් වීමට අදාළව රජය පියවරයන් ගණනාවක් ගනියි. ඒ අතර ප්‍රධානම දෙයක් නම් විදේශ ආයෝජන විදේශ වෙළඳාමට විවෘත කිරීමයි. ඍජු ලෙස ආයෝජන ගලාගෙන ඒම ඉතාමත්ම පහළ මට්ටමක පවතී. අසුව, අනූව දශකවලින් පසුව එනම් 1991 පමණ කාලයේදී විදේශ ආයෝජන එරට තුළට විශාල ලෙස ගලාගෙන එනු ලබයි. දළ දේශීය නිෂ්පාදිතය 4% ප්‍රමාණයකට ගමන් කරන ලදී. එය 1%ටත් වඩා පහළ මට්ටමක පැවතිණි. ඒ ආයෝජන රට තුළට ගලාගෙන ඒමට ප්‍රධාන හේතුවක් නම් ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, විදේශ ආයෝජනවලට රට විවෘත කිරීම, රජය ක්රමානුකූල ආර්ථික කටයුතුවලින් බැහැර වීම, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම හෝ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරණය කිරීම, ඉන්පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ජාත්‍යන්තරව ඒ රටේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම, ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යෑම, සමස්තයක් විදියට ගත් විට ආර්ථිකය තුළ එක් පැත්තකින් සාර්ව ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය කිරීම, අනෙක් පැත්තෙන් ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම මෙන්ම රටේ ආර්ථිකය ලෝකයට විවෘත කිරීමයි. 1992න් පසුකාලීනව මේ ක්‍රියාවලිය පේරු රටේ සිදු වෙයි. ඒ නිසා මේ ආකාරයට සෘජු විදේශ ආයෝජන වැඩි විය. සෘජු විදේශ ආයෝජන වැඩිවීමට සමගාමීව පේරු රටේ අපනයන අංශය පුළුල් වීමක්ද සිද්ධ විය. මේ කාරණා දෙක තිරසාරව ආර්ථිකය යථාවත් කිරීමට පෙර පැවැති මට්ටමින් ඉදිරියට ගමන් කිරීමට මේ ආර්ථීක ප්‍රතිසංස්කරණ හේතු විය. මේ ආර්ථික ස්ථායීකරණයෙන් ආරම්භ කර මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යාම සිදු කරන ලදී. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියට අදාළව ව්‍යාපරිකයන්ට ආර්ථිකය විවෘත කිරීම යන ආදී ප්‍රතිසංස්කරණ කරන ලදී. ඉන්පසු කාලය 1999 පසුව ආර්ථිකය වේගවත් වර්ධනයක් සිදු වෙයි. 1999 සිට 2014 දක්වා ඒ වැඩි වීම සිදු වෙයි. එසේම ඒක පුද්ගල ආදායම ක්‍රමානුකූලව වැඩි වෙයි. 2000 වේගවත් ආර්ථික ක්‍රියාවලියක් සඳහා ගමන් කිරීමට හැකියාව ලැබුණේ දැඩි සහ ගැඹුරු ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණවලට ගමන් කිරීමෙනි.
මේ ආකාරයට මෙරටට අදාළව සැලකුවහොත් එරට 80 දශකයේ අර්බුදයට ගොස් 90න් පසුව ආර්ථිකය ක්‍රමානුකුල හැඩගස්වාගෙන යාමට හේතු සාධකයක් වූයේ 90 දශකයේ ආරම්භ කරන ලද ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රමානුකූලව අඛණ්ඩව සිදු කරගෙන ගිය ආර්ථික ප්‍රතිසංස්කරණයි. ඒ ප්‍රතිසංස්කරණ මෙසේ අඛණ්ඩව සිදු කරගෙන යාම නිසා එතෙක් ආර්ථිකයේ පැවැති දුර්වලතා ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා විශාල ලෙස ඉවත් කිරීමට හැකියාව ලැබිණි. මේ නිසා මෙරට සැබැවින්ම ස්ථායිකරණ අවදියේ මේ වන විට පවති. මේ ස්ථායිකරණ අවදිය තුළ ස්ථායිකරණ ක්‍රියාවලිය තුළ යම් වෘද්ධියක් අත්පත් කර ගෙන ඇත. නමුත් අප 2019 සිට ඒක පුද්ගල ආදායම් මට්ටමට හෝ දළ දේශීය නිෂ්පාදිත ආර්ථික මට්ටමකට පැමිණ නැත. අපි දැඩි ස්ථායිකරණ මට්ටම තුළ අපි තවමත් ගමන් කරයි. මේ ස්ථායිකරණ ක්‍රියාවලිය තුළ අනිවාර්යෙන්ම ආර්ථිකයේ තත්ත්වය යහපත් නොවෙයි. ආර්ථික මට්ටමින් තවමත් තිරසාරව ගොඩනැඟීමක් සිදු වී නැත. ඉදිරියට යෑම සිදු වෙයි. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා මෙතැන් සිට ඉදිරියට ගෙන යා යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සහතික කළහොත් ආර්ථිකය පෙර තත්ත්වයට පැමිණීමට හැකි වෙයි.
ඊළඟ දශකය තුළ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට මේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යාම තුළ රට ස්ථාවරත්වයට පත්කර ගත හැකි වෙයි. මේ පේරු රාජ්‍ය ආර්ථික අර්බුදයෙන් පසුව පෙර පැවැති අර්බුදයට නොගිය අතර ඉන් පසුව සුභ සාධනවාදි ආර්ථික ක්‍රියාවලිය ඒ රටේ ක්‍රියාත්මක නොවිණි. ඒ සුභ සාධනවාදී ආර්ථික ආකෘතියෙන් මිදීමට ඔවුන් පියවර ගෙන ඇත. ඉන් අනතුරුව වැඩ කරන ජනතාවක් බවට රටේ ජනතාව පත් කරන ලදී. වැඩ කිරීමට ජනතාව පෙලඹවීම තුළ ඉදිරි ආර්ථික ක්‍රියාමාර්ග ගනු ලැබිණි. ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම ලෝකයට එරටේ ආර්ථිකය පුළුල් කිරීම වැනි පියවරයන් අනුගමනය කිරීම තුළ ආර්ථිකය ගොඩනඟා ගැනීම සිදු විය. ඩොලර් 8500ක ඒක පුද්ගල ආදායමක් ලබන ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ගමන් කිරීමට හැකියාව ඒ රටට ඇති වූයේ ද වැඩ කරන ජනතාවගෙන් රට ගොඩනැඟීමට කටයුතු කිරීම නිසයි. ණය අර්බුදයකට නැවත නොයෑම සහතික කර ගත් රටක් බවට පේරු පත්වුණේ මේ ආර්ථික ක්‍රියාවලිය තුළයි. අපේ රටත් දැනට මේ පීඩනය දරාගෙන සත්‍යය තේරුම් ගත යුතුයි. ජාතියක් ලෙස ඉදිරියට යා යුතුයි. පේරු රටේ වුවත් ආර්ථිකයේ බර පීඩනය සමානව විඳ දරා ගැනීමට සලස්වා තිබෙයි. ඒ නිසා පාලකයන්ගේ යුතුකම මේ ආර්ථිකයේ කරනු ලබන ප්‍රතිසංස්කරණයන්ට අනුව ඇතිවන පීඩනය දරා ගැනීමට හැකි වන අයුරින් සමසේ බෙදා හැරීමයි. එවැනි සද්භාවයක් නොවන විටදී ද මෙම ප්‍රතිසංස්කරණය ගෙන යාමට නොහැකියි. පේරු රාජ්‍ය සේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය වන මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට අඛණ්ඩව ගෙන යාම යන කරුණ මෙරටේ ද ඉටු කළ යුතු වෙයි. එය රජයේ සහ මහජනතාවගේ යුතුකමකි.
සුභද්‍රා දේශප්‍රිය