Home » “අරුණැල්ල” පද්‍ය සංග්‍රහය ඕස්ට්‍රේලියාවේ දොරට වැඩීම අද

“අරුණැල්ල” පද්‍ය සංග්‍රහය ඕස්ට්‍රේලියාවේ දොරට වැඩීම අද

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ආචාර්ය නිමල් සේදර විසින් 2022 වසරේ සිට ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ සංක්‍රමණික කවීන් එකොලොස් දෙනෙකුගෙන් සමන්විත පද්‍ය සංග්‍රහය වන ” අරුණැල්ල” අද (11) බ්‍රිස්බේන් නුවර ඇකේශියා රිජ් ප්‍රජා මධ්‍යස්ථානයේදී එළිදැක්වේ.

බ්‍රිස්බේන් නුවර කවීන් වන සමනොල විජේරත්න, රංජිත් යාපා, ආචාර්ය කුමාර දිසානායක, දමයන්ති රූපසිංහ සහ ආචාර්ය නිමල් සේදර මෙයට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවෙන්, රංජිත් සිරිලාල්, ශාන්ති කුමාරි ඊරියගම, වෛද්‍ය ජනක ජයසූරිය, ගීතානි ඒකනායක , සිරිල් පල්ලෙගෙදර සහ අයෝද්‍ය ගලප්පත්ති එකතු වී සිටිති.

මෙය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි. 2022 වසරේ නිමල් සේදර මහත්තයා විසින් රටවල් කීපයක වෙසෙන ශ්‍රී ලාංකික කවීන්ගෙන් සම්පාදනය කළ පද්‍ය සංග්‍රහය “සංකලන” නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ අතර 2023 නිකුත් වූ පද්‍ය සංග්‍රහය “මකරන්ද” විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division