Home » බෙල්ලන්විල පෙරහර මංගල්‍යය ඇරඹෙයි

බෙල්ලන්විල පෙරහර මංගල්‍යය ඇරඹෙයි

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

බෙල්ලන්විල විහාරස්ථාන ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 25 වැනිදා දක්වා පැවැත්වේ.

බෙල්ලන්විල විහාරස්ථානයට ඉතා වැදගත් වන්නේ බෙල්ලන්විල පෙරහර ජනයාගේ සිත් සතන් පුබුදු කරවන ඉතා ආකර්ෂණීය අවස්ථාවක් බැවිනි. එය පෙරහරක් පමණක් නොවේ. දින 19 ක් මුළුල්ලෙහි පැවැත්වෙන මහා පූජෝත්සවයකි.

බෙල්ලන්විල රජ මහා විහාරාධිපති වැඩ විසූ අපවත් වී වදාළ සෝමරතන නායක ස්වාමීන් වහන්සේ 1950දී ඉතා අඩු පහසුකම් මධ්‍යයේ ආරම්භ කරන ලද ඇසළ පෙරහර උන්වහන්සේ 1984 අපවත්වන විට සියලු අංගෝපාංගයන්ගෙන් හෙබි ජාතික මට්ටමේ පෙරහරක් බවට පත්වී තිබිණි. වසර 74 ක පමණ කාලයක සිට දිගු ගමනක් යෙදී සිටින මෙම පෙරහැරේ ආරම්භය මෙසේ විය.

1947 දුරුතු මස ගෙවෙන්නට ආසන්නයේ බෙල්ලන්විල ගමට ආසිරි පතා දුරුතු පෙරහැර වීදි සරන්නට විය. කෙත් වතු සරු විය ව්‍යසනය දුරු වුවද පෙරහර නැවතුණේ නැත. එසේ ඇරඹි බෙල්ලන්විල දුරුතු පෙරහර විවිධ හේතුන් නිසා දුරුතු මහෙන් ඇසළ මහට මාරු වන්නේ 1950 අවුරුද්දේ සිටය.

වර්ෂ 1950 සිට 1984 දක්වා බෙල්ලන්විල ඇසළ පෙරහැරට නායකත්වය ලබා දුන් සෝමරතන නාහිමි 34 වැනි ඇසළ පෙරහරට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ හදිසියේම අපවත් වූ සේක. එතැන් සිට පෙරහර පවත්වා ගැනීමේ වගකීම භාරගන්නේ වර්තමාන විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි සහ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසිනි. තම ගුරු දේවයන්ගේ ඇසුරින් ලද අත්දැකීමෙන් පෝෂණීය උන්වහන්සේලා ඇසළ පෙරහර ඉදිරියට ගෙන ගියහ. විමලරතන අනුනාහිමි අපවත් වූ පසු මීට වසර 6 සිට පෙරහරේ වගකීම තනිවම භාරගනු ලැබුයේ ධම්මරතන නාහිමියන්ය. ස්වකීය ආචාර්ය වහන්සේගේ පුරුද්ද පරිද්දෙන් මෙම ඇසළ පූජෝත්ත්සවයේ සියලු දෑ සම්පාදනය සහ මුල පටන් අගටත් අග පටන් මුලටත් පෙරහැර පෙළගැස්ම සකසන්නටත් හුදු ස්මරණයෙන් ක්‍රියාත්මක වන්නට උන්වහන්සේට ඇත්තේ අපූර්ව හැකියාවකි. එබඳු හැකියාවක් ඇතත් මෙහි වගකීම ඇසළ පෙරහැර කොමිටියට පවරා උන්වහන්සේ ඒ සියල්ල මෙහෙයවමින් පෙරහැර කොමිටියේ සංවිධායකත්වයෙන් විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සංවිධානය, දහම් පාසල ආදී සංවිධානයන්හි සහයෝගයෙන් වර්තමානයේ මේ සියලු කාර්යයන් සිදු වේ.

රූබන් වික්‍රමආරච්චි 
භාණ්ඩාගාරික- බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division