වතු සේවකයන්ට වැඩි කළ දෛනික වැටුප ලෙසින් රුපියල් 1700 ක වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට රජය තීරණය කර ඇතැයි සභානායක හා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සිකුරාදා (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වතු සේවකයන්ට වැඩිකළ වැටුප සම්බන්ධයෙන් වන ගැටලුව මේ වනවිට පඩි පාලක සභාවට යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පඩි පාලක සභාවෙන් කුමන තීරණයක් ගත්ත ද, වැඩි කළ වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට රජය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වතු සේවකයන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පුතුන් අධිකරණයට ගිය බවත් එම නිසා පඩි පාලක සභාවට එය මේ වන විට යොමු කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. මෙම වැටුප් වැඩි කිරීම ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වතු සේවකයන්ගේ වැටුප් වැඩි නොකරන වතු සමාගම් වැටුප් වැඩිකළ හැකි සමාගම් වෙත ලබාදීමට සලකා බලන බව පසුගියදා ජනාධිපතිවරයා විසින්ද ප්‍රකාශ කර තිබුණි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න